gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුපර් පෙට්ට්‍රල් සහ සුපර් ඩීසල් මිල යළි ඉහළ යන ලකුණු

දැනට අලෙවි කෙරෙන සුපර් පෙට්ට‍්‍රල් සහ සුපර් ඩීසල් වෙළදපලෙන් ඉවත් කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව  තීරණය කර තිබෙනවා.

ඒ වෙනුවට ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුත් නව ඉන්ධන වර්ගයක් වෙළදපලට හදුන්වාදීමටයි කටයුතු යොදා ඇත්තේ. ඒ අනූව මෙරටට
හදුන්වා දෙන්නේ යූරෝ ෆෝ නැමති සුපිරි පෙට්ට‍්‍රල් සහ සුපිරි ඞීසල් වර්ගයි.

මෙම යූරෝ ෆෝ නැමති ඉන්ධන වර්ග සඳහා ඉහළ ජාත්‍යන්තර පිළිගැනීමක් පවතිනවා. එහි කිසිඳු අපද්‍රව්‍යයක් කලවම් වී නොමැති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.

දැනට තීරණය කර ඇති පරිදි එළඹෙන ජූලි මස පළමු වැනිදා සිට මෙම ඉන්ධන මෙරට ඉන්ධන පිරවුම්හල්වලින් ජනතාව වෙත ලබාදීමටද සැලසුම් කර තිබෙනවා.

ඔන්ටේන් 95 වර්ගයේ සුපර් පෙට්ට‍්‍රල් ලීටරයක් දැන් අලෙවි කෙරෙන්නේ රුපියල් 148 ටයි. සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 119ක්.

කෙසේවෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයා නෙත් නිවුස් වෙත කියා සිටියේ හදුන්වාදෙන යූරෝ ෆෝ නැමැති සුපිරි පෙට්ට‍්‍රල් සහ සුපිරි ඩීසල් ඉන්ධන වර්ගවල මිල මීට වැඩිවිය හැකි බවයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka