gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා ක්‍රිකට් ලොකු පුටුවකට නම් දෙකක් යෝජනා කරයි

ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ කළමනාකාර ධුරය සඳහා නම් දෙකක් යෝජනා වී තිබෙනවා.

මේ වන විට එම ධුරයේ අසංක ගුරුසිංහ කටයුතු කරන අතර ඔහු කි‍්‍රකට් ආයතනයේ තවත් තනතුරු කිහිපයක් දරන බැවින් ඔහු ඉන් ඉවත් කර වෙනත් අයෙකු ඊට පත් කිරීමටයි කි‍්‍රකට් ආයතනයේ
අවධානය යොමුව ඇත්තේ.

අසංක ගුරුසිංහ මේ වන විට කි‍්‍රකට් ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස සහ තේරීම් කමිටු සාමාජිකයෙකු වශයෙන් ද කටයුතු කරනවා. සයිමන් විල්ස්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ඉහළ දක්ෂතා කළමනාකාර තනතුරුටද අසංක ගුරුසිංහ ඉකුත්දා පත් කෙරුණා.

කි‍්‍රකට් ආයතනයේ උප ලේකම් රවීන් වික‍්‍රමරත්න සහ බ්‍රෙන්ඩන් කුරුප්පු කළමනාකාර ධුරයට යෝජනා වී ඇති බවයි කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙකු  කියා සිටියේ.

බ්‍රෙන්ඩන් කුරුප්පු මීට පෙරද ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් බටහිර කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් පසු කි‍්‍රකට් කළමනාකාර ධුරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka