gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කටුපොල් වසංගතේ වරකාපොලත් වැඩ අරඹයි

වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ පල්ලේගම වතුයායේ මැණික්‌කඩවර ලුණුවැල්ල කොටසේ අක්‌කර 24 ක ප්‍රමාණයක කටුපොල් වගාව ආරම්භ කිරීමට මූලික සැළසුම් යොදා ඇති බැවින් මැණික්‌කඩවර හා ඒ අවට පදිංචි ජනතාව විරෝධය පළකර සිටිති.

වතුයායේ මෙතෙක්‌ කලක්‌ ඉතා සාර්ථකව රබර් වගාව පවත්වාගෙන ගිය අතර සියලුම රබර් මේ වනවිට ගලවා දමා කටුපොල් වගාවට අවශ්‍ය මූලික
බිම් සකසමින් සිටින බව ජනතාව පවසති.

කටුපොල් වගාව ඇරඹීම නිසා ප්‍රදේශයේ උග්‍ර ජල ප්‍රශ්නය, සශ්‍රීක භූමිය අහිමිවීම ඇතුළු පාරිසරික ගැටලු රැසකට මුහුණ පෑමට සිදුවන බව මැණික්‌කඩවර ප්‍රදේශවාසියකු වන තීක්‍ෂණ රත්නායක පැවැසීය.

මෙහි වගා කිරීමට අවශ්‍ය පැළ තවාන මේ වනවිට මාදෙනිය වත්තේ අරඹා ඇති බව පවසන රත්නායක මහතා මේ පිළිබඳව ජනාධිපතිතුමන්ට, මැති ඇමැතිවරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරයාටද දැනුම් දී ඇති බව පවසති. ජනතා මතයට කන් නොදී කටුපොල් වගාව ඇරඹුවහොත් මැණික්‌කඩවර හා ඒ අවට ප්‍රදේශවාසී ජනතාව දිවි හිමියෙන් වුවද කටයුතු කිරීමට සූදානම් බව ප්‍රදේශවාසීහු පවසති.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka