gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ප්‍රභූ ආරක්ෂකයන්ට ඡන්ද පොළ තහනම්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඡන්දය පාවිච්චි කිරීමට පැමිණෙන ප්‍රභූවරුන් සමඟ එන ආරක්ෂකයනට ආයුධ සහිතව හෝ ආයුධ රහිතව ඡන්ද මධ්‍යස්ථාන පරිශ්‍රයට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවැසීය.

ඡන්ද පොළට ජංගම දුරකතන රැගෙන ඇතුළු වීමද සම්පූර්ණයෙන්
තහනම් බවත් ඡන්ද පොළට ජංගම දුරකතන රැගෙන විත් ඡන්දය ප්‍රකාශ කරන අවස්ථා, ඡන්ද පෝලිම් ආදිය රූගත කළහොත් එවැනි පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවද සභාපතිවරයා පැවැසීය.

ඡන්ද හිමියන්, ඡන්ද පොළ කාර්යමණ්ඩලය, තරග කරනු ලබන පිළිගත් දේශපාලන පක්ෂයක ලේකම්, අපේක්ෂකයන්, ඡන්දපොළ නියෝජිතයන් සහ නිරීක්ෂකයන්, ඡන්දපොළ රාජකාරියෙහි නියුක්ත පොලිස් නිලධාරීන් සහ තේරීම් භාර නිලධාරීගේ අවසරය ඇති වෙනත් පුද්ගලයන්ට ඡන්ද පොළට ඇතුළු වීමට නීතියෙන් අවසර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවැසීය

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka