gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඡන්ද මධ්‍යස්ථානේ ඡන්ද කොල්ල කෑවොත් වෙඩි තබන්න.

ඡන්ද මධ්‍යස්ථානයක් යම් කිසි පුද්ගලයකු හෝ කණ්ඩායමක් ඡන්ද කොල්ල කෑමක් සිදු කළොත් වෙඩි තබා ඝාතනය කිරීම දක්වා බලය පාවිච්චි කිරීමට පොලිසියට බලතල ලබා දී තිබේ. මැතිවරණ ආඥා පනතේ 93 සහ 96 වගන්ති වලින් එම බලය ලබා දී ඇති අතර එම පනතේ 92 (4) උප වගන්තියේ සීමා කිරීම්වලට යටත්ව සෑම පොලිස් නිලධාරියකුටම එම බලතල පැවරී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක
පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා කීය. ලබන 10 වැනි දා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීමේ රාජකාරි සඳහා සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම ගිනි අවි සහිත පොලිස් නිලධාරීන් දෙදෙනකු බැගින් යොදවා තිබේ.

එහිදී යම් ඡන්ද දායකයකු සතු ඡන්ද පත්‍රිකාවක් පැහැර ගැනීම කොල්ලකෑම හෝ ඒ හා සමාන බරපතළ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවුවහොත් ඒ අවස්ථාවේදී පොලිසියට ඉහත බලය පාවිච්චි කිරීමට අදාළ බලතල ලබා දී ඇත.

මැතිවරණ මධ්‍යස්ථානවල රාජකාරිවලට අමතරව එදින ආරක්ෂක කටයුතු වෙනුවෙන්ද පොලිසිය යොදා ඇත. ඡන්ද මධ්‍යස්ථානවලට ඇතුළුවන පුද්ගලයන්ට නිදහසේ සිය ඡන්දය පාවිච්චි කිරීමට මෙන්ම එම ස්ථානයේ සාමකාමී වාතාවරණයක් පවත්වාගෙන යාම සඳහාත් පොලිසිය යොදවා තිබේ.

එම තත්ත්වයට එරෙහිව කටයුතු කරන පුද්ගලයන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීමේ සිට යම් කිසි ආකාරයක සිය බලය අවශ්‍ය පරිදි පාවිච්චි කිරීම දක්වා කටයුතු කිරීමට මෙසේ පොලිසියට බලතල ලබා දී ඇත.

මේ අතර මේ වන විට මැතිවරණය පැවැත්වීම ප්‍රකාශයට පත් කළ දින සිට ඊයේ දින දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කළ ඡන්ද අපේක්ෂකයන් 42ක් අත්අඩංගුවට ගෙන ඇත. ඉන් එක් අයකු හැර සෙසු පිරිස අධිකරණයෙන් ඇප මත නිදහස් කර තිබේ. මැතිවරණ පැමිණිලි 543ක් ලැබී තිබිණි. ඉන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 133ක් බවද පොලිස් මූලස්ථාන වාර්තා සඳහන් කරයි.

මීට අමතරව මෙවර ඡන්ද නීති රීති දැඩි ලෙස අනුගමනය කළ යුතු බවට පොලිසියට උපදෙස් ලබා දී ඇත. ඊට අදාළව චක්‍රලේඛ සහ සුවිශේෂී මැතිවරණ පොතක්ද සෑම පොලිසියක් වෙතම ලබාදී ඇති බවද රුවන් ගුණසේකර මහතා ඉදිරි මැතිවරණයට අදාළ පොලිසියේ කටයුතු ගැන කරුණු ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka