gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යාලට යන ජීප් රථ ගණන වැඩි කරයි

යාල අභයභූමියට දෛනිකව ඇතුල් කරන සෆාරි ජිප් රථ සංඛ්‍යාව 600 දක්වා වැඩි කිරීමට රජයේ එකඟතාව පළ වී තිබේ.

පසුගිය නිවාඩු දිනවලදී යාල අභයභූමියට දෛනිකව ඇතුළත් කරන ජිප් රථ සංඛ්‍යාව සීමා කර තිබීම නිසා සංචාරකයන් රැසක් අපහසුතාවට පත් වූයේ යැයි සඳහන් කරමින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය
මහින්ද අමරවීර මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ අදාළ පාර්ශවවලින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි ඉල්ලා තිබිණි.

ඒ අනුව දැනට යාල අභයභූමියට ඇතුළත් කරගන්නා ජිප් රථ සංඛ්‍යාව 500 සිට 600 දක්වා වැඩි කිරීමට එම සාකච්ඡාවලදී එකඟතාව පළ වී තිබේ.

උදෑසන කාලයේ ජිප් රථ 250 ක් සහ සවස් කාලයේ ජිප් රථ 250 ක් වශයෙන් දැනට යාල අභයභූමියට ජිප් රථ ඇතුළත් කරගන්නා අතර මේ තත්ත්වය නිසා ඇතැම් සංචාරකයන්ට ආපසු හැරී යෑමට සිදු වූ බව ද අදාළ සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka