gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දෙමළ සරණාගත පවුල් 7200ක් තමිල්නාඩුවේ පුරවැසිකම ඉල්ලති

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගත පවුල් 39,730ක පිරිසකගෙන් පවුල් 7200ක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පුරවැසිකම ලබාදෙන්නැයි තමිල්නාඩු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කොට තිබේ.
ඔවුන් ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි කාරණය වශයෙන් ඉදිරිපත් කොට ඇත්තේ යුද සමයේදී ඔවුන් ජීවත් වූ ගම්මාන හා ඉඩම්
දැන් වෙනත් පිරිස් විසින් අල්ලාගෙන තිබීම නිසා ඔවුන්ට ජීවත් වීමට ස්ථානයක් නොමැති බවයි.

තමන්ට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පුරවැසිකම ලබාදෙන මෙන් තමිල්නාඩු ප්‍රාන්ත නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය ඕ. පනීර්සෙල්වම් මහතා වෙත ඉදිරිපත් කොට ඇති දුක් ගැනවිලිවල තවදුරටත් සඳහන් කොට ඇත්තේ තමන්ගේ දරුවන් විශාල පිරිසක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ විවිධ විශ්වවිද්‍යාලවල හා ඩිප්ලෝමා ලබාදෙන ආයතනවලින් අධ්‍යාපනය හදාරා සිටින බැවින් ආපසු ශ්‍රී ලංකාවට ගොස් ඊට ගැළපෙන අන්දමේ රැකියා ලබා ගැනීම දුෂ්කර කාර්යයක් බවයි.
තමිල්නාඩු ප්‍රාන්ත නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය ඕ. පනීර්සෙල්වම් මහතාගෙන් කළ ඉල්ලීමට ඔහු පිළිතුරු වශයෙන් ප්‍රකාශ කොට ඇත්තේ ඉන්දීය මධ්‍යම රජය සමඟ සාකච්ඡා කොට මේ ප්‍රශ්නයට පිළිතුරක් ලබාදෙන බවයි.

යුද සමයේදී ශ්‍රී ලාංකික දෙමළ වැසියන් ලක්ෂ තුනක් පමණ ඉන්දියාවේ පමණක් රැකවරණය පතා එහි ගොස් සරණාගත කඳවුරුවල ජීවත් වූ අතර ඉන් ආපසු පැමිණ ඇත්තේ ලක්ෂ දෙකක් පමණ පිරිසකි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka