gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නායකයා ඇන්ජලෝ ද චන්දිමාල් ද තීරණය 09 වැනිදා !

ශ්‍රී ලංකා කණ්ඩායමේ නව සීමිත පන්දුවාර නායකයා ජනවාරි 09 දා ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.

ඊයේ (03) ක්‍රිකට් ආයතනයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.

දිගුකාලීනව එක්දින නායකයෙක් පත්කිරීමට මෙහිදී අවධානය යොමුකර
ඇති බව වාර්තා වේ.

හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් හා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ගේ නම් මේ සඳහා සළකා බැලීමට කටයුතු කරන බව තේරිම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මහතා ප්‍රකාශ කර ඇත.

ඇන්ජලෝ මැතිව්ස් අඛණ්ඩව ආබාධ සඳහා ගොදුරුවීම ගැනද ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බවද පැවසේ.

සභාපති තිලිංග සුමතිපාල ඇතුළු නිලධාරීන්, තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි, ක්‍රිකට් කළමණාකරු අසංක ගුරුසිංහ, ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවකට එක්ව තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka