gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අද ගොවියා මඩ සෝදාගත් කල හිඟමනටත් සුදුසුයි

මඩසොදාගත් කල ගොවියා රජකමට සුදුසුයි කියන කතාව වෙනුවට මඩ සෝදාගත් කල ගිගමනට සුදුසුයි කියන තැනට ගොවියා පත්කර සිටින බව ගලේවෙල පල්ලම්යය ගොවි සංවිධානයේ ගොවියකු වූ කේ .පි .මුණසිංහ මහතා 05 දින මාධ්‍ය හමුවකදී පැවසිය .

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මගින් ප්‍රදේශයේ පොහොර
නොමැතිව කහ පාට තත්වයට පත්වී ඇති කුඹුරු යායකදී මාධ්‍ය හමුවක් කැඳවා මේ බව පැවසිය .

මෙහිදී ගොවින් මාධ්‍ය වෙත අදහස් පළකරද්දී තවත් ගොවින් පිරිසක් විරෝධතා බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නියැලී සිටියහ .

රටපුරා පවතින පොහොර හිඟය නිසා ගොවීන්ට පොහොර මිටියක් ලබා ගැනීම සඳහා විවිධ ප්‍රදේශවලට ගමන් කිරීමට සිදුව තිබෙන බවත් විශේෂයෙන් එසේ ලබා ගන්නා පොහොර මිලදී ගැනීමේදී තවත් භාණ්ඩයක් මිලදී ගැනීමට සිදුව තිබීමත් කෘමි නාශක මිලදී ගැනීමේදී කල් ඉකුත් වූ ඒවා රට පුරා අලෙවි කරන බවත් ගොවීන් කියා කියා සිටියේය.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මෙම මාධ්‍ය හමුවේ දී කියා සිටියේ පොහොර නැවක් එන බවට අමූලික බොරු කරමින් ආණ්ඩුව ගොවි ජනතාව රවටමින් සිටින බවය .

ප්‍රමිතියෙන් බාල පොහොර වර්ග රජය විසින් අලෙවි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවටද චෝදනා එල්ල කළේය.

එමෙන්ම මේ වනවිට ගොවීන්ගේ බහුතර වගා බිම් බිම්   ගොයම්   බන්ඩි තත්ත්වයට පත්ව ඇති බවත් මේ වනවිට යූරියා පොහොර යෙදීම අනවශ්‍ය බව ය.

විශාල වශයෙන් මෙවර අස්වැන්නට ද බලපාන බව හෙතෙම සඳහන් කළේ ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka