gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සර්පයින් ගොඩගැසීමට හේතුව නාරා කියයි

මඩකළපුව ප්‍රදේශයේ මුහුදු වෙරළට මුහුදු සර්පයින් විශාල ප්‍රමාණයක් ගොඩ ගසා ඇත්තේ මුහුදු ජලයේ පවතින උෂ්ණත්වය හේතුවෙන් බව නාරා ආයතනය ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් මුහුදු ජලයේ උෂ්ණත්වය වැඩි වීමට හේතුව
සම්බන්ධයෙන් මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව නාරා ආයතනය සඳහන් කළේය.

පෙරේදා පස්වරුවේ මඩකළපුව, නාවල්අඩි ප්‍රදේශයේ මුහුදු වෙරළට මුහුදු සර්පයින් රැසක් ගොඩගසා තිබූ අතර ධීවර දැල් කිහිපයකටද මෙම මුහුදු සර්පයින් බහුල වශයෙන් හසුවූ බව ධීවරයින් ප්‍රකාශ කර තිබුණි.

මෙලෙස මුහුදු සර්පයින් බහුල වශයෙන් හමුවීමට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොතිබූ අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන ලෙසට ධීවර අමාත්‍යංශය නාරා ආයතනයට ඊයේ (04) දිනයේ දැනුම් දුනි.

ඒ අනුව ඔවුන් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මුහුදු ජලයේ පවතින අධික උෂ්ණත්වය මෙම සර්පයින් මුහුදු වෙරළට ගොඩ ගැසීමට ප්‍රධාන හේතුවක් බවයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka