gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පහරදී නාමයෝජනා පැහැරගෙන

හොරණ ප‍්‍රදේශයේ දී සිදු වූ බව කියන එළඹෙන පළාත්පාලන මැතිවරණයට අදාළ නාමයෝජනා ලිපිගොනු පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ හොරණ ප‍්‍රාදේශීය සභාව සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නාමයෝජනා පත‍්‍රයයි.

මෙම පැහැරගැනීම සිදුව ඇත්තේ ඊයේ (17) පස්වරු 4.20ට පමණ බවයි පොලිසිය පැවසුවේ.

නාමයෝජනා පත‍්‍ර අතැතිව සිටි ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා විසින් ඒ සම්බන්ධයෙන් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කෙරුණා. ඔහු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ තමාට පහරදී නාමයෝජනා ලිපිගොනු මෙන්ම ජංගම දුරකතනය ද පැහැරගෙන ගිය බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka