gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රොෂාන් නිසා ලංකාවේ කලාකරුවන්ට හැඳුනුම්පතක් (Photos)

ලංකාවේ සිටින සියළුම කලාකරුවන්ට රජයේ ලියාපදිංචි හැඳුනුම්පතක් සහ විශ්‍රාම වැටුපක් ලබා දීමේ පළමු පියවර ඊයේ දිනයේ පටන් ගත්තා. ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දුගේ මැදිහත්වීමෙන් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂිකා අනූෂා
ගෝකුල මහත්මියගේ අධීක්ෂණයෙන් මෙය සිදුවුනා. මේ පිළිබඳව රොෂාන් ප්‍රනාන්දු අපිට පැවසුවේ මෙවැනි අදහසක්..

“මේක කලාකරුවන්ට ගෞරවයක්. අපි හැමෝම කලාකරුවෝ. ලැබෙනවා නම් හැමෝටම ලැබෙන්න ඕනේ. පච්ච ගහලා, කොණ්ඩ වවලා, කරාබු දාලා බෑන්ඩ් ගහද්දි සමහරු ගණන් ගන්නෙ නෑ. එහෙම වෙන්න හොඳ නෑ. පිටින් බලලා මිනිස්සු ගැන මනින්න එපා. එහෙම හිටියට ඒ මනුස්සයා තුළ ගොඩක් හොඳ කෙනෙක් ඉන්න පුළුවන්.. ඒක නිසා අපි මුල් වෙලා කලාකරුවන්ට හැඳුනුම්පතක්, විශ්‍රාම වැටුපක් ලබා දෙන වැඩපිළිවෙලේ මුල් පියවර තැබුවා. දැන් ඕනම කලාකරුවෙකුට තමන්ගේ අනන්‍යතාව හරි විදිහට හරි තැනට ඔප්පු කරලා මේ හැඳුනුම්පත ගන්න පුළුවන්.. මේ මගේ වෘත්තීය කියලා ආඩම්බරයෙන් කියන්න පුළුවන්. අපිට දේශපාලනයක් නෑ.. හොඳ අරමුණක් විතරයි තියෙන්නෙ. හොඳ දෙයක් කරන්න හොඳ අරමුණක් විතරක් තිබ්බම ඇති. තනතුරු වැඩක් නෑ. ඊයේ අන්තිම ෆොටෝ එක ගහලා අන්තිමට අයිඩන්ටි එක ගත්තෙ මම. අපිට මේ වැඩේට ලොකුම සපෝට් එකක් දීලා අපිව තේරුම් ගත්තෙ සංස්සෘකිත කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල මහත්මිය. ඒ වගේම එහි සහකාර අධ්‍යක්ෂ සුධීර නිලංග විතාන මහතාත් අපිට ගොඩක් උදව් කළා.”

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka