gossip lanka

පුංචි මන්ත‍්‍රීන් 50%කින් අඩු කරන්න ජනාධිපති දන්වයි.. නීති පෙටුම්පත් සැකසේ..

නව මැතිවරණය ක‍්‍රමය යටතේ 8000ක් දක්වා ඉහල ගොස් ඇති පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 4000 දක්වාවත් අඩු කල යුතු යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා යෝජනා කර ඇත.

මෙතරම් විශාල මන්ත්‍රී පිරිසක් නඩත්තු කිරීම ගැටලු සහගත යයිද එම
පිරිස 50%කින්වත් අඩු කිරීමට කටයුතු කළ යුතු බවත් කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා සදහන් කර ඇත.

ඒ අනුව මේ සදහා වන යෝජනාවක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද නියමිතය.

ජනාධිපතිවරයා තව දුරටත් පෙන්වා දී ඇත්තේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ මෙරතම් වැඩි වීම ගැන ආණ්ඩුවට ජනතා විරෝධයක් පවා එල්ල විය හැකි බවයි.

gossip lanka