මාවනැල්ලේ ලංගම බස් ඩිපෝව අසල කාණුවක තිබී... පුද්ගල මළ සිරුරක් මාවනැල්ල පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මළ සිරුරේ පාද දෙක පමණක් පාරට පෙනෙන ලෙසින් එය කාණුවේ වැටී තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙම පුද්ගලයා මේ අකාරයෙන් කණුවට වැටී මිය ගියාද නැතිනම් මෙය ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය විසින් පරික්ෂණ පවත්වයි. මෙලෙස මියගොස් සිටි පුද්ගලයා මාවනැල්ල නාදෙනිය පදිංචි ගුවන් හමුදාවේ සැරයන්වරයෙකි.
පොලිසිය පැවසුවේ එම ස්ථානයේ වෙළෙඳසලක සීසීටීවී කැමරා පද්ධතියේ අදාළ සිදුවීම සටහන් වි ඇති බවයි.
මළ සිරුර මේ වන විට මරණ පරීක්ෂණය සඳහා මාවනැල්ල මූලික රෝහලේ තැන්පත් කර ඇත.
හමුවුණු කකුල් විතරක් පෙනෙන මළ සිරුර ගැන පරීක්ෂණ
2017-11-08T12:36:00+05:30
Gossip Lanka Hot News
slide|




Posted in: 



