gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිධානයකින් ගොඩගත් නිල් මැණික පොලිස් අත්අඩංගුවට

ගල් තලාවක තිබූ කුඩා විලක් සහිත ස්ථානයක තිබී ගොඩ ගනු ලැබූ නිල් පැහැති මැණික් ගලක් සමඟ එයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙක් පෙරේදා (08දා) අත්අඩංගුවට ගෙන ඇතැයි නවගත්තේගම පොලිසිය පවසයි. නවගත්තේගම,රළපනාව, මහායාය රක්ෂිතයේ ගල් තලාවක තිබී මේ මැණික්ගල ගොඩගෙන ඇත. එහි වටිනාකම මෙතෙක් තක්සේරු කර
නැති බවත්, එහි ප්‍රමාණය සාමාන්‍යයෙන් කිකිළි බිත්තරයක ප්‍රමාණයට සමාන බවත් පොලිසිය සඳහන් කරයි.

මැණික් ගල තිබූ ස්ථානයේ තිබී නෙලුම් මලක හැඩයක් සහිත කවාකාර ශෛලමය කොටසක්ද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර මැණික් ගල තිබූ ස්ථානය එම ශෛලමය කොටසින් ආවරණ කර තිබූ බවද පොලිසිය සඳහන් කෙළේය.

අදාළ මැණික් ගල තිබූ ස්ථානය අඟල් 4ක් පමණ ගැඹුරැති අඟල් 8ක් පමණ විශ්කම්භයක් සහිත ස්ථානයක් බවද, සැකකරුවන් අදාළ මැණික්ගල ගොඩගන්නවාත් සමඟම පොලිසිය විසින් රැකවල්ලා සිට අල්ලාගෙන ඇති බවද පොලිසිය පැවැසීය.

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා මාතර හා නිට්ටඹුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර පොලිසියට ලද තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. එසේම මැණික් ගලේ වටිනාකම තක්සේරු කිරීම හා අනෙකුත් කටයුතු සඳහා අදාළ මැණික් ගල ඊයේ (09දා) ස්වර්ණාභරණ අධිකාරිය වෙත රැගෙන ගිය අතර සැකකරුවන් ඊයේ (09දා) ආණමඩුව අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

එසේම මැණික් ගල ගොඩ ගැනීම සඳහා යොදාගත් අලවංගු 01, බුලත් අත් 02ක්, කුලුගෙඩි 01ක්, හඳුන්කූරු, පොල්තෙල් ආදී පූජා භාණ්ඩ කිහිපයකුත් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

මේ වැටලීම සඳහා නවගත්තේගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නලින් ඉන්ද්‍රජිත් දයානන්ද, උප පොලිස් පරීක්ෂක පතිරණ, පොලිස් සැරයන්වරුන් වන ධර්මසිරි (41440), පොලිස් කොස්තාපල්වරුන් වන රාජකරුණා (31260), කැලුම් (71232), නිදර්ශන (37593), මුදියන්සේ (63079) යන නිලධාරීන් සහභාගී වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් නවගත්තේගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka