gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රථවාහන අංක තහඩු සඳහා ගුවන් විදුලි සංඛ්‍යාත

නව රථවාහන අංක තහඩු සඳහා ගුවන්විදුලි සංඛ්‍යාත හඳුනාගැනීමේ පද්ධතියක් ලබන වසරේ දී හඳුන්වාදීමේ සූදානමක් ඇතැයි මෝටර් රථ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි.

එමගින් රථවාහනවල ගමන් මග සම්බන්ධයෙන් නිසි නිගමනයක් ලබාගැනීමට පොලිසියට හැකිවනු ඇත.

ඉදිරියේදී ස්ථාපිත කිරීමට නියමිත ආසන්නම කුලුනු මගින් මෙම නව
අංක තහඩුව සහිත මෝටර් රථ නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතී.

මෙම කුලුනු ජංගම දුරකථන තිබෙන ස්ථාන හඳුනා ගැනීම සඳහා යොදා ගන්නා ජංගම දුරකථන කුලුනුවලට සමාන වේ.

මෝටර් රථ කොමසාරිස් තුෂාර එෆ්. සුරවීර මහතා පැවසුවේ මෙම නව පද්ධතිය නව මෝටර් රථ ලියාපදිංචි කිරීමේදී මුල් වශයෙන් හඳුන්වාදෙන බවත් පසුව අනෙකුත් වාහන සඳහා හඳුන්වාදෙන බවත් ය.

අපරාධයක් සම්බන්ධයෙන් පරීක්ෂණයකදී වැදහත් :

වාහන භාවිත කරමින් කරනු ලැබූ අපරාධයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේදී මෙන්ම ව්‍යාජ අංක භාවිත කරනු ලබන අවස්ථා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේදී මෙම ක්‍රමය පොලිසියට සහය වනු ඇතැයි ඒ මහතා පැවසීය.

මෙම පද්ධතිය මගින් රථවාහනවල ගමන්මග මාර්ගගතව නිරීක්ෂණය කිරීමට අදාළ බලධාරීන්ට හැකි වනු ඇතැයි පොලිස් රථ වාහන අධ්‍යක්ෂ ඉන්දික හපුගල මහතා ප්‍රකාශ කළේය.

 මෙම ක්‍රමය සීසීටීවී හරහා නිරීක්ෂණ කටයුතු කරන ආකාරයට සමාන බවත් මෙම කුලුනු මුලින්ම කොළඹ ප්‍රදේශයේ සවිකරනු ඇති බවත් ඒ මහතා කීය.

 “අනතුරකදී හෝ අපරාධයකදී අදාළ වාහන පහසුවෙන් හඳුනාගැනීමට සහ ලුහු බැඳීමට මෙම කුලුනු මාර්ගයෙන් හැකිවේවි.“යැයි ඒ මහතා පැවසීය.

- ලංකාදීප

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka