gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක්‍රිකට් වලට වෙන්න යන දෙයක් ගැන සංගා කණස්සල්ලෙන්...!

දින හතරේ ටෙස්ට් තරඟ පැවත්වීමට තීරණය කිරීමේ අදහස සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරගේ කණස්සල්ලට හේතු වී තිබේ.

පසුගිය වසර හය හත පුරාවට ක්‍රිකට් ක්‍රීඩාවේ  වෙනස්කම් රාශියක් වූ බව පවසන සංගක්කාර අළු බඳුන තරඟාවලිය දින හතරකට සීමා වීම ඔබට සිතා ගත හැකිදැයි ප්‍රශ්ණ කරයි.

‘‘මට තේරෙනවා,අනුග්‍රහකයන්ට,රූපවාහීනි නාලිකා වලට මින් වාසියක්
අත්වේවි.මේ නිසා ප්‍රේක්ෂකයන්ටත් ටෙස්ට් තරඟයක් නරඹන්න වැය කරන කාලය අඩු කරගන්න හැකිවේවි.
නමුත් අප සළකා බැලිය යුතු සම්ප්‍රදායක් ක්‍රිකට් ක්‍රීඩාව තුළ තිබෙනවා.‘‘ යැයි සංගක්කාර වැඩිදුරටත් සඳහන් කරයි.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව රැකගත යුතු බවත්,ක්‍රීඩකයෙකු පන්නරය ලබන්නේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් බවත් සංගක්කාරය අවධාරණය කරයි.

ලොව වැඩිම ටෙස්ට් ලකුණු හිමි පිතිකරුවන්ගේ ලැයිස්තුවේ පස්වැන්නා වන සංගක්කාර එම ලැයිස්තුවේ හොඳම පිතිකරු සාමාණ්‍යක් හිමි පිතිකරුවාය.ඔහු රැස්කර කර ඇති ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 12400 කි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka