gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධ කරන බව පැවසූ පුද්ගලයෙකුට වැඩ වැරදී

නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධ කරන බවට පවසා බියගන්වා කාන්තාවක් දුෂණය කිරීමට  තැත්කළ පුද්ගලයෙකු මාතර කොට්ටාශ ළමා හා කාන්තා කාර්යාංශයේ නිළධාරීන් විසින් ඊයේ(08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර ප්‍රදේශයේ කාන්තාවක් ඉකුත් 06 වනදා කළ පැමිණිල්ලකට අනුව
මෙලෙස ඔහු අත්අඩංගුවට ගැනුණා.

තමාගේ නිරුවත් ඡායාරූප කිහිපයක් අදාළ පුද්ගලයා සතුව තිබෙන බවත් ඔහු සමඟ ලිංගිකව හැසිරීමට නොඑන්නේනම් ඒවා ප්‍රසිද්ධ කරන බවත් පවසමින් තර්ජනය කළ බවයි පැමිණිලිකාරිය සඳහන් කර ඇත්තේ.

සැකකරු කොටුකර ගැනීම සඳහා ළමා හා කාන්තා කාර්යාංශය මගින් උපක්‍රමශීලීව ඔහු මාතර වෙරළ තීරයට ගෙන්වාගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු වෙනත් ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන්ද  අවශ්‍යව සිටි පුද්ගලයෙකු බවයි.

සැකකරු පරීක්ෂා කිරීමේදී ලිංගික උත්තේජනය ලබා ගැනීම සඳහා භාවිත කරනු ලබන ඹෟෂධයක්, උපත් පාලන කොපුවක්, ගැබ් ගැනීම් වළක්වන ඹෟෂධයක් අඩංගු කුඩා පෙට්ටියක් හා ඇසැබි ඡායාරූප කිහිපයක්ද හමුවී තිබෙනවා.

එම පුද්ගලයා වයස අවුරුදු 37ක් වන වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු අද(09) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka