gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෛත්‍රී හා රනිල් අද දියවන්නාවේදී හමුවෙයි !

ශ්‍රී ලංකාව තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතකර වසර 70ක් සම්පූර්ණවීම නිමිත්තෙන් අද (03) සවස 2.30 ට පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු සභාවාරයට සහභාගිවීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණීමට නියමිතය.

පාර්ලිමේන්තුව ස්වාධීන පාර්ලිමේන්තුවක් වශයෙන් ප්‍රථමයෙන් රැස්වී
ඇත්තේ 1947 ඔක්තෝබර් මස 14 වැනිදාය.

ප්‍රජාතන්ත්‍රවාදී පාලනයෙහි නොබිඳුණු වාර්තාවක් සමඟින් ආසියානු කලාපයේ තිබෙන වැඩිහිටි සර්වජන ඡන්දයෙන් තේරී පත්වන පැරැණිතම පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව වීමද විශේෂ සිද්ධියකි.

අගමැති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක ආර්. සම්පන්දන් යන මහත්වරුන් විසින් ඉදිරි කාලය තුළ මෙම පාර්ලිමේන්තුවටත්, ශ්‍රී ලාංකේය ජනතාවටත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්, ප්‍රතිපත්ති සහ නීතියේ ආධිපත්‍ය තවදුරටත් ශක්තිමත් කරමින් සමෘද්ධිය, සෞභාග්‍යය උදාවේවායි ප්‍රාර්ථනා කරන යෝජනාවක් අද ඉදිරිපත් කරනු ලබයි.

අද පාර්ලිමේන්තුවේ මෙම විශේෂ සැසිවාරය සඳහා විදේශ තානාපතිවරුන් ඇතුළු විශේෂ ආරාධිතයන් රැසක්ම සහභාගි වීමටද නියමිතය.

මෙම සැසිවාරයේදී ජනපති, අගමැති, විපක්ෂ නායක ඇතුළු පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් කතා පැවැත්වීමටද නියමිතය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka