gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පුංචි ඡන්දය ජනවාරියේ - කිරිඇල්ල

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ ජනවාරී මස 20 වන දින හෝ ඊට ආසන්න දිනයක පැවැත් වීමට රජයේ අවධානය යොමුව තිබෙන බව පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මේ අතර ලබන වසරේ ජනවාරි මාසයේදී පළාත් පාලන මැතිවරණ
පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම නිල කාර්ය සංවිධානය සකස් කරමින් සිටින බව වාර්තා වේ.

බහුමන්ත්‍රී කොට්ඨාස ක්‍රමය:

මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා 335ක් සඳහා සාමාජිකයින් තෝරාගැනීම සඳහා ඡන්දය භාවිතා කිරීමට ආසන්න වශයෙන් මිලියන 15.6 දෙනකු සුදුසුකම් ලබා ඇතැයි මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

බහුමන්ත්‍රී කොට්ඨාස ක්‍රමය සම්බන්ධයෙන් විමසීම සඳහා කොමිසම පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය සමග සම්බන්ධව සිටින බව ද ඒ මහතා කීය.

එම බහු මන්ත්‍රී ඡන්ද කොට්ඨාස ක්‍රමය පෙර තිබූ ආකාරයට වනු ඇති බවත් තම නියෝජිතයන්ට අනුව විවිධ ප්‍රජාවන් නියෝජනය කරන විවිධ සාමාජිකයින් තෝරාගැනීමට ඡන්ද දායකයාට අවස්ථාව හිමිවනු ඇති බවත් ඒ මහතා පැවසීය.

කොට්ඨාස 4900ක්:

එක් එක් පළාත් පාලන ආයතන වෙනුවෙන් කොට්ඨාස 4900ක් ඇති බව මැතිවරණ නිලධාරීහු පවසති.

165ක් සඳහා සාමාජිකයින් දෙදෙනකු සහ කොට්ඨාස හතරක් සඳහා සාමාජිකයින් තිදෙනකු පත් කෙරෙන බවද වාර්තා වේ. මෙම බහු මන්ත්‍රී කොට්ඨාස ක්‍රම දෙක මගින් සාමාජිකයින් 330 දෙනකු සහ 12 දෙනකු තෝරාගන්නා බවද ඔවුහු පවසති.

බහු මන්ත්‍රී කොට්ඨාස ක්‍රමය අනුව ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්ද දායකයින් දැනුම්වත් කිරීමට සෑම ඡන්ද මධ්‍යස්ථානයකම පුවරු සවි කරන බවද කියැවේ.

-දිනමිණ




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka