gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

''එක්දින තරඟ පැවැත්වෙද්දී ගංගා මෑණියෝ කොහෙද හිටියේ'' දයාසිරි ප්‍රශ්න කරයි

පසුගිය දා අවසන් වූ ශ්‍රී ලංකා - පාකිස්තාන එක්දින ක්‍රිකට් තරඟාවලිය 5-0ක් ලෙස ජය ගැනීමට පසුගියදා පාකිස්තානය සමත් වුණා.

එම තරඟාවලිය අතර තුර ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ්
චන්දිමාල් සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුව තිබුණා.

ඒ චන්දිමාල් සහ ගංගා මෑණියන් සම්බන්ධයෙන් විවිධ පුවත් මැවීම හේතුවෙන්.

පළමු ටෙස්ට් තරඟ 02 ජය ගැනීමෙන් අනතුරුව ගංගා මෑණියන් යැයි හඳුන්වා ගන්නා කාන්තාව මුහුනුපොතට සටහනක් එක්කරමින් සඳහන් කර තිබුණේ දිනේෂ් චන්දිමාල් තමන් හමුවට පැමිණීමෙන් අනතුරුව මෙලෙස තරඟාවලිය ජයග්‍රහණය කර ඇති බවයි.

කෙසේ වෙතත් අදාළ කාන්තාව සම්බන්ධයෙන් අද පවතී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දයාසිරි ජයසේකර මහතාගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියා.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය ජයග්‍රහණය දී සිටියා යැයි කියන ගංගා මෑණි, එක්දින තරඟාවලියේදී සිටියේ කොහෙද යන්නයි. තවද මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමෙන් පලක් නොවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka