gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හය වැනි කඩුල්ලේ සබඳතාව පාකිස්ථාන බලාපොරොත්තු ඉහළ නංවයි - සටනේ අවසන් දිනය අදයි

ශී‍්‍ර ලංකාව සමග ඩුබායිහි පැවැත්වෙන දිවා රාතී‍්‍ර ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී පරාජයෙන් ගැලවීම සඳහා පකිස්තාන කණ්ඩායම ප‍්‍රබල සටනක යෙදී සිටිනවා.

දෙවන ඉනිමේදී ඔවුන්ට ලැබී ඇති ඉලක්කය ලකුණු 317 ක්.

එම ඉලක්කය හඹා යන පකිස්තාන කණ්ඩායම ඊයේ (09) තරගය නතර
කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 198 ක් ලබාගෙන සිටියා.

පළමු කඩුලු 5 බිද වැටුණේ ලකුණු 52 ක් තුළයි. අනතුරුව 6 වන කඩුල්ල වෙනුවෙන් නොබිදුනු ලකුණු 146 ක සබදතාවක් ගොඩනගා ගැනීමට අසාද් සාෆික් සහ සෆ්රාස් අහමඩ් සමත් වී සිටිනවා.

අසාද් සාෆික් ලකුණු 86 යි. සෆ්රාෆ් අහමඞ් ලකුණු 57 ක් ලබාගෙන සිටිනවා. 

මේ අනුව තරගය ජය ගැනීම සදහා පකිස්තාන කණ්ඩායම තවත් ලකුණු 119 ක් ලබාගත යුතුයි. අද තරගයේ අවසන් දිනය වනවා.

මේ අතර මෙම තරගාවලියේදී ශී‍්‍ර ලංකාව දැක්වු දක්‍ෂතා සම්බන්ධයෙන් ඩුබායිහි සිටින ශී‍්‍ර ලාංකිකයන් උද්දාමයට පත්වී සිටින බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙනුවෙන් එහි සිටින කසුන් කැලූම් කුමාර පැවසුවේ.

තරගාවලියේ පළමු තරගය ශී‍්‍ර ලංකාව ජයගත්තා. දැන් පැවැත්වෙන දෙවන තරගය මෙන්ම මීළගට පැවැත්වෙන එක්දින කි‍්‍රකට් තරගාවලියද ශී‍්‍ර ලංකාව ජයගනු ඇති බවටයි ඩුබායිහි සිටින ශී‍්‍ර ලාංකිකයන් වැඩිදුරටත් විශ්වාසය පළ කළේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka