gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විදුලිය නැති අතරේ මව දුන් වැරදි බෙහෙත් බී දැරිය මරුට

විදුලිය විසන්ධි වී ඇති අවස්ථාවේ අවුරුදු 4ක ගැහැනු දරුවකුට මව විසින් සෙම්ප්‍රතිශ්‍යාවට දෙන පැණියක් යැයි සිතා අඩ අඳුරේ වෙනත් බෙහෙත් වර්ගයක් ලබා දීම නිසා එය විස වී දැරිය මියගොස් ඇති සිද්ධියක් සාම්පූර් පොලිස් වසමෙන්

 වාර්තා වෙයි. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සාම්පූර්හි කට්ටපරිච්චාන් ප්‍රදේශයේ සිවනෙත්තින්
පර්සින් (4) නම් දැරියකි.

සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙළුණු තම දියණියට පිරිටන් පැණිය යැයි සිතා වේදනාව සඳහා ගෑමට දෙන ලද බෙහෙත් වර්ගයක් දීමෙන් පසු දරුවා බඩ දනවා යැයි පැවැසීම හේතුවෙන් සැකයක් ඇති වී දැරියගේ පියාද එම බෝතලයෙන්ම පැණි ස්වල්පයක් පානය කර ඇති අතර එය පිරිටන් පැණිය නොවන බවට සැක ඇති වීම නිසා මූතූර් මූලික රෝහලට ඇතුළත් කර ඇත.

දරුවාගේ තත්ත්වය යහපත් නොවීමෙන් ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන අතරතුරදී දරුවා මිය ගොස් ඇත.

පැණිය පානය කළ දැරියගේ පියාද මේ වන විට රෝහල් ගතවී ප්‍රතිකාර ලබමින් පසුවන බවත් ඔහුගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

සාම්පූර් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka