ඊයේ (අගෝස්තු 10) පාර්ලිමේන්තු සැසි වාරයෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ එය විවිධ අයුරින් විග්‍රහ කළහ.
රවී කරුණානායක ඇමතිවරයාගේ ඉල්ලා අස්වීම ආණ්ඩුවේ දූෂිතයන් හෙළි කිරීමේ සහ පළවා හැරීමේ එක්
සන්ධිස්ථානයක් පමණක් බව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසීය.
ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ධීවර අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ගොඩනැගුණු ජනමතය හමුවේ ඔහු ඉල්ලා අස් වූ බවය.
පසුගිය පාලන සමයේ දූෂණ කළ බවට චෝදනා ලත් පුද්ගලයන්ට එරෙහිව ද මේ ආකාරයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක විය යුතු බව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍ය කබීර් හෂීම් සඳහන් කළේය.
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටියේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියාපිළිවෙත අනුව යමින් සෑම දූෂණ චෝදනාවක් පිළිබඳවම සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බවය.
රවී කරුණානායක අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම සිය ජයග්‍රහණයක් ලෙස හඳුන්වන්නේ නැතිමුත් ඒ සඳහා සිය කණ්ඩායම දැඩි වෙහෙසක් ගත් බව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේ රවී කරුණානායක ඇමතිවරයාගේ අස්වීම ආණ්ඩුවේ හෝ විපක්ෂයේ ජයග්‍රහණයක් නොවන බවය.
එය රටේ ජනතාව ලැබූ ජයග්‍රහණයක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කිරීමට පෙර පාර්ලිමේන්තුව අමතමින් රවී කරුණානායක හිටපු ඇමතිවරයා කියා සිටියේ ඔහුට එරෙහිව එල්ල කෙරෙන චෝදනාවලට නිවැරදිකරු වන නමුත් රට සහ පක්ෂය ගැන සිතා පදවියෙන් ඉල්ලා අස්වන බවය.
(බීබීසී සිංහල සේවය)