යුද්ධයෙන් විපතට පත් උතුරු පළාතේ ජීවත්වන කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ලබා ගැනීමට ඇතැම් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන නිලධාරින් පෙළඹී ඇති බව උතුරේ ස්වෙච්ඡා සංවිධාන පෙන්වා දෙයි.
රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවලින් උතුරේ පවුල්වලට සහන
සැලසීමේ දී ඒවායෙහි ඇතැම් නිලධාරින් කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ලබා ගැනීම සිදු කරන බව හෙළිවී ඇත.
එම පළාතේ පවුල්වල වැඩිපුර සිටින්නේ වැන්දඹු කාන්තාවන් පමණක් බව පෙන්වා දෙන ස්වෙච්ඡා සංවිධාන නිලධාරිහු ස්වයංරැකියා ලබාදීම, නිවාස ලබාදීම, කුකුළන්, එළුවන් වැනි සතුන් ලබාදීම ඇතුළුව විවිධ සංවර්ධන ව්‍යාපෘති ලබාදීමේ දී කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ලබා ගන්නේ යැයි පවසති.
එහෙත් මේ සම්බන්ධව දැනට පැමිණිලි ලැබී ඇත්තේ පහක් පමණක් යැයි එම ස්වෙච්ඡා සංවිධාන හෙළිදරව් කරයි.
ඊට හේතුවී ඇත්තේ එම කාන්තාවන් පැමිණිලි කිරීමට ලැජ්ජාවීම මෙන්ම දෙමළ සංස්කෘතිය අනුව එය විශාල අප කීර්තියක් ගෙන දෙන්නක් ලෙස සලකන නිසා යැයි ද ස්වෙච්ඡා සංවිධාන පවසයි.
එමෙන්ම මෙම කාන්තාවන් ලිංගික අල්ලස් ඉල්ලීම ගැන හෙළිදරව් කළහොත් රාජ්‍ය නොවන සංවිධානවලින් ආධාර උපකාර කපා දැමෙන බැවින් ද මෙසේ පැමිණිලි නොකරන බව එම ස්වෙච්ඡා සංවිධාන තව දුරටත් පෙන්වාදෙයි.
ආධාර දෙන්න ලිංගික අල්ලස් ඉල්ලලා
2017-08-11T15:02:00+05:30
Gossip Lanka Hot News