gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දූෂණය වූ 13 හැවිරිදි දැරිය ගැබ්ගෙන ඇති බව සති 30 කට පසු හෙළිවෙයි

දූෂණයට ලක්වූ කුඩා දැරියක් විසින් තම කුස තුළ වැඩෙන දරුවා ගබ්සා කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ඉල්ලාසිටි පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ මුම්බායි ප්‍රදේශයෙන්.

මෙලෙස දූෂණයට ලක්වූ දැරියගේ වයස අවුරුදු 13ක් බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එම දරුවාගේ අධික තරබාරුවීම හේතුවෙන් දෙමව්පියන් විසින් දරුවා වෛද්‍යවරයෙකු වෙත

ඉදිරිපත්කළඅවස්ථාවේදීයි මේ බව අනාවරණ වී ඇත්තේ.

එහිදී හෙළිවී ඇත්තේ දරුවා සති 30 කට පෙර ගැබ්ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් ඉන්දීය නීතිය අනුව සති 20 කට වැඩි දරු ගැබක් ගබ්සා කිරීමට අවසර ලැබෙන්නේ එමගින් මවගේ ජීවිතයට අනතුරක් තිබෙන්නේ නම් පමණි.

කෙසේ වෙතත් එම දරුවාගේ සෞඛ්‍ය තත්වය මත මෙම ගබ්සාව සිදුකිරීමට නිර්දේශ කළ බවයි අදාල දැරිය පරීක්ෂා කළ වෛද්‍යවරයා විසින් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුවයි දැරියගේ දෙමව්පියන් විසින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් අදාළ ගබ්සාව සිදුකිරීමට අවසර ඉල්ලා ඇත්තේ.

අදාළ දැරිය එහිදී අනාවරණ කර ඇත්තේ තම පියාගේ මිතුරෙකුගේ අතින් තමන් අපයෝජනයට ලක්වූ බවයි.

කෙසේ වෙතත් ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය විසින් අදාළ සැකකරු වහාම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර ඉන්දියාව තුළ සෑම විනාඩි 155 කට වරක්ම බාලවයස්කාර දැරියක් දූෂණයට ලක්වන බවයි එම විදෙස් වාර්තා වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka