gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඔලිම්පික් පදක්කම් ශූරි සුසන්තිකාත් වර්ජනයක් කරලා

"1948 වසරේ සිට ඔලිම්පික් තරඟ නියෝජනය කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් සම්මානයෙන් පිදීමේ උපහාර උත්සවය" තමන්  වර්ජනය කළ බව ඔලිම්පික් පදක්කම් ශූරි සුසන්තිකා ජයසිංහ පවසනවා.

මලල ක්‍රීඩකයින් තිදෙනෙකුගේ පෞද්ගලික වාසිය තකා ආරම්භ කළ
ඔලිම්පික් සංගමය මෙයට මැදිහත් වීම හේතුවෙන් තමන් එම උත්සවය වර්ජනය කළ බවයි ඇය අප වෙත සඳහන් කළේ.

ක්‍රීඩා අමාත්‍යංශය හා ශ්‍රී ලංකා ඔලිම්පික් සංගමය උත්සවය සංවිධානය කළා.

සංගමයේ සභාපති වන්නේ ශ්‍රියානි කුලවංශ වන අතර ලේකම් ධුරය දරන්නේ දමයන්ති දර්ශායි.

ජනපති ප්‍රධානත්වයෙන් පැවතී උත්සවයට සුගත් තිලකරත්නද ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ද එක්ව සිටියා.

ඔලිම්පික් සංගමය තුළ තමාට නිසි තැන හිමිව නොමැති බවත් මෙම සංගමය පටු අරමුණකින් ක්‍රියාකරන සංගමයක් බවත් ඇය චෝදනා කරනවා.

අදාළ උත්සවයට තමා සහභාගී නොවීම කාගේත් කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්ව ඇති බවද ඇය අප වෙත සඳහන් කළා.

කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පසුගියදා පැවැත් වුණා.

එහිදී ඔලිම්පික් තරග නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40 දෙනෙකු ජනාධිපතිවරයා අතින් රන් සම්මානයෙන් පිදුම් ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජාතියේ ගෞරවය සහ කීර්තිය ලෝකය හමුවට ගෙන ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලැබීම පිළිබඳව තමන් සතුටුවන බවයි එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එහිදී ප්‍රකාශ කළේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka