gossip lanka

ලංකාවට මේච්චර කැච් මිස් වෙන හේතුව මේකද ?

දක්ෂතා අතින් කෙසේ වෙතත් කෙටි කාල සීමාවකදී පුහුණුකරුවන් වැඩි සංඛ්‍යාවක් මාරු කරන ලද රට ලෙසින් වාර්තාවක් තබා තිබෙන ශ්‍රී ලංකාව, ඉන්දියාව සමඟ තරඟාවලියට අවතීර්ණ වුයේ යායුතු මාවත සොයා ගත නොහැකිව ලතවෙමින් බව නොරහසකි.

පන්දු රැකීමේ පුහුණුකරු ලෙසින් පැමිණි නික් පෝතස්ට පවරන ලද
කර්තව්‍යවත් නිසියාකාරව කරගත නොහැකි පසුබිමක වත්මන් ක්‍රිකට් නිලධාරීන් ඔහුට ප්‍රධාන පුහුණුකරු ඔටුන්න පැළඳවුයේ සිහියකින්ද යන්න විමසා බැලිය යුතුය.

ගතවූ අවසන් වසර 7 තුළදී 10 වැනි පුහුණුකරු ලෙසින් පත් පෝතස්ගේ කෙරුවාව කෙතරම්ද යන්න ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රකින ආකාරය දෙස බැලීමේදී පැහැදිලිවම දැකගත හැකිය.

2019 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුකරු ලෙසින් ගිවිසුම්ගතව සිටි ග්‍රැහැම් ෆෝඩ් ට සිය තරතුර අතහැර යන ආකාරයෙන් ක්‍රිකට් කළමනාකාරීත්වය කටයුතු කිරීමේ අහඹු ප්‍රතිඵලයක් ලෙස පෝතස් ට ප්‍රධාන පුහුකරු ධුරය හිමිවිය.

පන්දු රැකීමේ විශේෂඥ තනතුරද සමඟින් ප්‍රධාන පුහුණුකරු තනතුරට පෝතස් පත්ව සිටින අවස්ථාවේදීත් ශ්‍රී ලංකා පන්දු රකින්නන් ඇතින් රැක ගත යුතුම වූ උඩ පන්දු ගිලිහී යාම නිසා ලකුණු 600 ක තරම් දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කරමින් සත්කාරකයන් පීඩනයට පත් කිරීමට සංචාරකයෝ සමත්ව සිටිති. ධවාන් ලකුණු 31 ඩි හා පණ්ඩයා ලකුණු 4 ඩි ලබාදුන් උඩ පන්දු අතහැර දැමීමේ වරදින් ඔහුවූ තවත් ලකුණු 205කින් ඉන්දීය ඉනිම පෝෂණය කලහ.

එක්දින ශ්‍රේණිගත කිරීමෙහි 11 වැනි ස්ථානයේ පසු වූ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව මවුබිමේ පැවති එක්දින තරඟාවලිය 3-2 ක් ලෙස පරාජයට පත්වූයේද ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම නිසාය. එපමණක් නොව පැවති එකම ටෙස්ට් තරඟයද විටෙක පරාජය වීමේ අවදානමට ලක්වුයේ ඩ පන්දු රැකීමේ දුර්වලතාවය නම් වූ කර්මය කණ්ඩායම තුළ දිගින් දිගටම පලදීම නිසාය. එහිදී සිම්බාබ්වේ සමඟ පැවති එක්දින තරඟ 5 ඩි පමණක් සිර ලංකා කණ්ඩායම ඇතින් උඩ පන්දු 9 ක් ගිලිහී ගිය අතර ඒ අතරින් උඩ පන්දු 5 ක්ම ඉතා පහසුවෙන්ම රැක ගත හැකි මට්ටමේ ඒවා විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පෝතස් පත්වීම් ලද්දේ පසුගිය 2016 වසරේ මැද භාගයේදීය. ජාතික කණ්ඩායමේ සිට අවුරුදු 19 න් පහළ කණ්ඩායම දක්වා පන්දු රැකීමේ කාර්යය භාරගත් පෝතස්, ජාතික කණ්ඩායමේ පුර්ණකාලින පන්දු රැකීමේ පුහුණුකරු ලෙස එකතු වන්නේ මෙම වසර ආරම්භයේ සිර ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ කළ තරඟ සංචාරයේ සිටය.

පෝතස්ගේ ආගමනයේ සිට මෙම සටහන තබන ඉකුත් බ්‍රහස්පතින්දා දින තෙක් ශ්‍රී ලංකා කණ්ඩායම ඇතින් උඩපන්දු 56 ක් ගිලිහී තිබෙන බව කිවහොත් එය පිළිගත හැකි වන්නේද ? නමුත් යථාර්ථය එයයි. මෙම වසර ආරම්භයේ සිට ශ්‍රී ලංකා පිල ටෙස්ට්, එක්දින සහ 20-20 යන තෙඅංශයෙන්ම තරඟ 26 කට ක්‍රීඩා කර තිබෙන අතර එහිදී උඩපන්දු 56 ක් අතහැර දමා තිබේ.

මෙය වෙන් වෙන් වශයෙන් ගෙන බැලීමේදී ටෙස්ට් තරඟ 6 කදී උඩ පන්දු 17 ක්, එක්දින තරඟ 12 කදී උඩ පන්දු 25 ක් සහ 20-20 තරග 8 කදී උඩ පන්දු 14 ක් වශයෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් උඩ පන්දු අත හැර දමා තිබේ.

ක්‍රිකට් විශ්ලේෂකයෙකු වන මොහොමඩ් අකීබ් විසින් සකස් කරන ලද වාර්තාවකට අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතින් ගිලිහී ගොස් තිබෙන උඩ පන්දු අතරින් 29 ක්ම ඉතාම පහසු ගනයේ උඩ පන්දු බවට සඳහන් වේ.

සෙසු උඩ පන්දු අතුරින් උඩ පන්දු 21 ක් තරමක් අසීරු උඩපන්දු වශයෙන් සැලකෙන නමුත් පන්දු රැකීමේදී සෙසු රටවල් දක්වන දක්ෂතා සමඟ සංසන්දනය කිරීමේදී ඒ සියල්ලම රැකගත හැකි සහ රැකගත යුතු මට්ටමේ ඒවා වේ.

අසාර්ථක පන්දු රැකීමක් සමඟ ජාත්‍යන්තරට යාමේදී ශ්‍රී ලංකා කණ්ඩායම මීට වඩා පහල තත්ත්වයකට පත්වුවද එය පුදුමයට හෝ කණගාටුවකට පත් නොවීය යුතු බව අපගේ මතයයි. මෙවන් වූ අවාසනාවන්ත තත්වයකට ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ ඩි තිබෙන අවස්ථාවක ඒ ගැන වග විභාගයක් හෝ නොකොට උසස්වීම් ලබාදීමට වත්මන් ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව කුමන දිසාවකට රැගෙන යාමටදැයි නොවැටහේ.


ලංකාවේ හොට්ම නිව්ස් එසැනින් දැන ගන්න පහත ඇති Like Button එක Click කර අපගේ faceBook ජාලයට එකතු වන්න.


gossip lanka