gossip lanka

කෙසෙල් ගෙඩියක් නිසා පුංචි පුතෙකුට වුණු දේ

අවුරුදු දෙකයි මාස තුනක පිරිමි දරුවෙකු කෙසෙල් කැබැල්ලක් සිරවී මියගොස් ඇති බව වැල්ලවාය පොලිසිය පවසනවා.

නිවසේ ඉදෙමින් තිබූ කෙසෙල් කැනක බාගෙට ඉදුණු කෙසෙල් ගෙඩියක
කැබැල්ලක් කෑමට ගිය අවස්ථාවේ දරුවාට මෙම අනතුර සිදුව ඇති බවයි  පොලිසිය පවසන්නේ.

සිද්ධිය වන අවස්ථාවේ දරුවාගේ දෙමාපියන් නිවසේ ගෙමිදුලේ සිට ඇති බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් දරුවා රෝහලට රැගෙනයන අතර තුර මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි දසුන් ලක්සර නමැති දරුවෙක්.


gossip lanka