gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුණු ප්‍රශ්නය ඉවත දමා දිගම්බරම් මහ පාරේ නටයි (VIDEO)

හැටන් නගරයේ මාස හතරකට අධික කාලයක් පුරා පවතින කැලි කසල බැහැර කිරීමේ ගැටළුවට ස්ථිර විසදුමක් ලබා දීම පසෙකලා හැටන් නගරයේ ගිලිහෙමින් පවතින කම්කරු ජාතික පෙරමුණේ නායක හා කඳුරට නව ගම්මාන වතු යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා අද හැටන් නගර මධ්‍යයේ සිය ආධාරකරුවන් සමඟ නර්තනයේ යෙදෙමින් යතුරුපැදි සංදර්ශන පැවැත්වීම ප්‍රදේශවාසීන්ගේ දැඩි දෝෂාරෝපණයට ලක් වී ඇත.

හැටන් නගරයේ නාගරික සංවර්ධන අධිකාරිය මඟින් පවත්වනු ලැබූ උත්සවයකට සහභාගී වූ දිගම්බරම් මහතා
හැටන් නගර මධ්‍යයේ ඔරලෝසු කණුව අසල සිට අමාත්‍ය මනෝගනේෂන් මහතා සමඟ වාහනයක නැගී ආධාරකරුවන් සමඟ හැටන් සමනල හන්දිය දක්වා පැමිණි සිය ආධාරකරුවන් සමඟ නගර මධ්‍යයේ නර්තනයේ යෙදෙමින් උත්සවය පැවති භූමිය වෙත පැමිණියාය.

හැටන් නගරයේ මාස තුනක කාලයක් තිස්සේ කුණු බැහැර කිරීමට ඉඩක් නොමැති වීම නිසා හැටන් දික්ඔය නගර සභාව මඟින් එම කැලි කසල හැටන් නගර මධ්‍යයේ ප්‍රධාන මාර්ගවල මහජන වෙළඳපොලේ හා රථගාල්වල ගොඩ ගැසීම නිසා ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් හා විශාල පරිසර විනාශයක්ද සිදු වී ඇත.

මෙම ප්‍රශ්නය තාවකාලිකව විසදීම සඳහා ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුමුගන් තෝසමන් මහතා කසල ටොන් සියයකට අධික ප්‍රමාණයක් ඔහුගේ නිවස ඉදිරිපිට ඉඩමකට බැහැර කිරීමට කටයුතු කිරීමත් සමඟ හැටන් නගරයේ දේශපාලන බලය තොන්ඩමන් මහතා වෙත යොමු වීමත් සමඟම අමාත්‍ය දිගම්බරම් මහතා එම බලය ඔහු වෙත යොමු කර ගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කරන බවයි හැටන් නගරයේ ජනතාව පවසයි.

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මහතා නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ධූරයෙන් පසුගිය දා ඉල්ලා අස් වී ඇත්තේද හැටන් නගරයේ කැලි කසල ගැටළුවට ස්ථිර විසදුමක් ලබා දීමට රජයේ නිලධාරීන් අපොහොසත් වීම නිසා බව ලංකා කම්කරු කොංග්‍රසයේ ජේෂ්ඨ සභාපති හා කනපති කනගරාජ් මහතා පැවසුවේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka