gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දෙසැම්බර් 31 ඉඳලා ජංගම දුරකථන 49කට WHATSAPP අත්හිටුවයි – දුරකථන වර්ග 49 මෙන්න

මෙම මස 31 වෙනිදා සිට WhatsApp මෘදුකාංගය ජංගම දුරකථන මාදිලි 49කට සිය සේවාව ලබාදීම අත්හිටුවීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp නව යාවත්කාලින කිරීමේ හැකියාව නොමැති මෙම ජංගම දුරකථන මාදිලි 49 අතරට Apple, Samsung, LG, Huawei ඇතුළු දුරකථන මාදිලි රැසක් ඇතුළත් වෙනවා.

මේ සම්බන්ධයෙන් WhatsApp විසින් අදාළ දුරකථන භාවිතා කරන්නන්ව දැනුවත් කිරීමට ද නියමිතයි.

එලෙස සේවාවන් අත්හිටුවනු ලබන ජංගම දුරකථන මාදිලි 49 පහතින්,

Apple iPhone 5

Apple iPhone 5c

Archos 53 Platinum

Grand S Flex ZTE

Grand X Quad V987 ZTE

HTC Desire 500

Huawei Ascend D

Huawei Ascend D1

Huawei Ascend D2

Huawei Ascend G740

Huawei Ascend Mate

Huawei Ascend P1

Quad XL

Lenovo A820

LG Enact

LG Lucid 2

LG Optimus 4X HD

LG Optimus F3

LG Optimus F3Q

LG Optimus F5

LG Optimus F6

LG Optimus F7

LG Optimus L2 II

LG Optimus L3 II

LG Optimus L3 II Dual

LG Optimus L4 II

LG Optimus L4 II Dual

LG Optimus L5

LG Optimus L5 Dual

LG Optimus L5 II

LG Optimus L7

LG Optimus L7 II

LG Optimus L7 II Dual

LG Optimus Nitro HD

Memo ZTE V956

Samsung Galaxy Ace 2

Samsung Galaxy Core

Samsung Galaxy S2

Samsung Galaxy S3 mini

Samsung Galaxy Trend II

Samsung Galaxy Trend Lite

Samsung Galaxy Xcover 2

Sony Xperia Arc S

Sony Xperia miro

Sony Xperia Neo L

Wiko Cink Five

Wiko Darknight ZT

ඉඳුනිල් අන්දරමාන වේදිකාවේ සිංදු කියද්දී ගල් ගහයි.. තුවාල වී රෝහලේ (VIDEO)

ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්දරමාන මහතාට ගල් ප්‍රහාරයක් එල්ල වී ඇත.
 
ඔහු කොට්ටාව ප්‍රදේශයේ නත්තල් ප‍්‍රසංගයක ගීත ගායනා කරමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

ඔහු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවේ.

ඇසට ඉහළින් සිදුව ඇති තුවාල සඳහා රෝහලේ දී ප්‍රතිකාර කර ඇත.

ආණ්ඩුව සඳුදාත් නිවාඩු දෙයි!

එළඹෙන 26 වන සඳුදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුවට එක්වෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

ටීචර් බෝල් දානවා… සජිත් ගහනවා… ළමයි හුරේ දානවා… ප්‍රින්සිපල් බලන් ඉන්නවා… විපක්ෂ නායක තෝපාවැවදී පිත්තෙන් දාපු වැඩ කෑලි ටික මෙන්න…(VIDEO)

තෝපාවැව පාසලක පැවති උත්සවයකට සහභාගි වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහි සිසුන් සමග ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත විය.

එහිදී සිසුන්ට අමතරව ගුරුවරියක් විසින්ද විපක්ෂ නායකවරයාට පන්දු යැවීම සිදුකළ අතර අදාළ වීඩියෝව පහලින්…

දායකයෙක් කෝටි තුනක් වටින බෙන්ස් එකක් පූජ කළා… දැන් ඉරිසියාකාරයො එක එක කතා කියනවා… බුදු හාමුදුරුවන්ටත් මීට වැඩිය වටින ඒවා පූජ කළා… මට ලයිෂන් නෑ… ඉතිං මොකද වෙන්නෙ..? කොටුවේ පොඩිහාමුදුරුවෝ ප්‍රථමවරට වේගයෙන් නිවන් වඩින මඟ කියයි…(VIDEO)

තමන් වහන්සේට බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් දායකයකු විසින් පූජා කළ පුවත අසා ඇතැමුන් නොසතුටට පත්ව ඇති බවත්, එය ඇතැම් පුද්ගලයන්ට දරා ගත නොහැකි වී ඇත්තේ ඔවුන්ගේ පපුව හොඳ නැති නිසා බවත් කොටුවේ පොඩිහාමුදුරුවෝ ලෙසින් ප්‍රසිද්ධියට පත්ව සිටින අත්තරගම ප්‍රඥාලංකාර හිමියන් ප්‍රකාශ කර සිටී.

ඉරාජ් වීරරත්නගේ යූටියුබ් නාලිකාවට අදහස් දක්වමින් උන්වහන්සේ මේබව ප්‍රකාශ කර තිබේ.

එහිදී කොටුවේ පොඩිහාමුදුරුවන් පෙන්වා දෙන්නේ මෙවැනි පිංකම් බුදුන් දවස ද සිදුව ඇති බවයි.

රන් රිදී මුතු වැනි මීටත් වටිනා පූජාවන් රජ සිටුවරුන් විසින් සිදුකර ඇති බව බෞද්ධ සාහිත්‍යයේද සඳහන් බව උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටින අතර, තමන්ට ඊර්ෂියා කරන ඇතැමුන් මේ සම්බන්ධයෙන් චෝදනා කරන බවත් පෙන්වා දෙයි.

අදාළ වීඩියෝව පහළින්…

කලින් බිරිඳ ඉද්දි කුස්සිය ගොඩක් අපිළිවෙලයි, ඒකයි එයා අයින් කරලා අලුත් බිරිඳක් ගත්තේ – හර්ෂණ බෙත්මගේ

පුංචි තිරය හරහා අපිට හමුවන අහිංසකම පෙම්වතා තමයි හර්ෂණ බෙත්මගේ කියන්නේ, පළමු විවාහයෙන් වෙන්වුනාට පස්සේ හර්ෂණ ගැන හැමෝම කතාවෙන්න පටන් ගත්තා, කොහොම වුනත් දික්කසාදයෙන් වැඩි කාලයක් යන්න කලින් හර්ෂණ නැවත විවාහ වෙනවා, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න හර්ෂණ සමග, හර්ෂණ කාලෙකින් දැක්කේ නෑ ඔයා, ඇයි ඒ ”මම නිර්මාණ කිහිපයකට සම්බන්ද වුනා, තව විකාශනය වෙන්න තියෙන ඒවත් තියෙනවා, මම දැන් මගේ වැඩි වගකීම් කොටසක් යොදවලා තියෙන්නේ මගේ පවුලට ඉදිරියේදී ආයේ මාව දකින්න ලැබේවි”

දෙවනි විවාහය නිසා එක එක අය කියපු කතා නිසාද රංගනයෙන් ඈත්වෙන්න හිතුවේ ”අනේ නැහැ විවාහයේ ප්‍රශ්නයක් නිසාම නෙවෙයි මට පහුගිය කාලයේ එක දිගට චරිත ලැබෙන්න පටන් ගත්තා, හැබැයි ඒ ඔක්කොම චරිත එකම වගේ චරිත, ඉතින් මම තීරණය කළා වෙනස් චරිතයක් ලැබෙනකන් ඉන්න, ඉතින් මට එහෙම චරිතයක් ලැබෙනකන් මගේ ආදරණීය පවුල එක්ක ඉන්න තීරණ කළා, මට දැනුන විදියට පහුගිය කාලයේ අධ්‍යක්ෂකවරු මාව එක චරිතයකට කොටු කළා, දැන් මට අවශ්‍ය ඒ චරිත වලින් මිදිලා වෙනස්ම විදියේ චරිතයක් කරන්න”

රංගන ශිල්පියෙක් ලැබෙන චරිත එපා කියද්දී ඔබගේ ආර්ථිකයට ඒක බලපාන්නේ නැද්ද..? මෙහෙමයි මට ටෙලිනාට්‍ය වලට සම්බන්ද වෙලා ඒවගෙන් ලැබෙන මුදල්වලින් කාලා බීලා ඉන්න ඕන නෑ, මම කලාවට සම්බන්ද වුනේ මම රංගනයට ගොඩක් ආස නිසා, හැබැයි දැන් මටම දැනෙනවා මගේ තුල තියෙන රංගනයට තියෙන කැමැත්ත ටික ටික අඩුවෙලා යනවා කියලා, මොකද මම හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක්, තියෙන දෙයක් කාලා බීලා සතුටින් ඉන්නයි මට ඕන, සරල ජීවිතයක් ගතකරද්දී එහෙම සල්ලි ලොකුවට ඕන වෙන්නේ නෑ, මට ලොකු වාහන ලොකු ගෙවල් ඕන නෑ, මට ඕන මානසික නිදහස”

කලින් විවාහය සාර්ථක වුනේ නැත්තේ ඇය නිලියක් නිසාද..? ”එහෙම කියන්න බෑ මොකද මගේ ජීවිතේ හැම තීරණයක්ම ගත්තේ මම, ඉතින් මගේ ජීවිතේ වැරදුනාට මම කාටවත් දොස් කියන්නේ නෑ, මොකද ඒක මගේ තීරණයක්, අනිත් ජොබ් කරන කාන්තාවන්ගේ ගෙදරක කුස්සියට ගිහින් බලන්න කෝ හරිම අපිළිවෙලයි, කැතයි, හැබැයි මම දැන් ගෙදර යද්දී එහෙම නෑ කුස්සිය හරිම පිරිසිදුයි, බිරිඳක් උනාම ඉන්න ඕන එහෙම, මම දැන් මගේ අලුත් විවාහය එක්ක සතුටින් ඉන්නවා, දික්කසාද වුන නිසා නේ ඒ අත්දැකීම ගත්තේ දැන් මට කිසිම කලකිරීමක් නෑ”

රිය අනතුරු වැඩිවීමක්! යතුරුපැදිකරුවන්ට රතු එළියක්! පොලීසිය නීති දැඩි කරයි

රිය අනතුරු වැඩි වීමේ ප්‍රවණතාවක් පවතින බවට අනාවරණය වී තිබෙනවා.

එසේම වැඩිම මියයන පිරිස යතුරුපැදිකරුවන් බවද පොලිස් රථවාහන මූලස්ථානයේ අධ්‍යාපන හා මහජන ආරක්ෂාව පිළිබද ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සේනක ගමගේ මහතා පවසනවා.

ඒ මහතා මේ බව පැවසූවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේ ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදී යි.

යතුරු පැදි හෙල්මට් වල ප්‍රමිතිය ගැන පසුගියදා නිකුත්වූ නව ගැසට්ටුවෙන් වඩාත් දැඩිව අවධානයක් යොමු වී තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී ප්‍රමිතිගත හෙල්මට් පමණක් වෙළදපොලට ලැබීම තහවුරු කල හැකි බවයි ඔහු සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය භාවිත කර මහා මාර්ගයේ රිය ධාවනය කරන පුද්ගලයින් හඳුනා ගැනීමට උපකරණ මේ වන විටත් ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබෙන බව සේනක ගමගේ මහතා සඳහන් කළා.

ඒ අනුව මත් ද්‍රව්‍ය පාවිච්චි කර රිය ධාවනය කරන පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමේ විශේෂ වැඩ පිලිවෙලක් පොලිස්පතිවරයාගේ නියමයෙන් නුදුරු දිනකදී ක්‍රියාත්මක කරන බවද ඔහු කියා සිටියා.

දිනකට ශ්‍රී ලංකාවේ මාර්ගවල රිය අනතුරු වලින් සිදුවන මරණ සංඛ්‍යාව  08ක් පමණ වනවා. ඉන් 04ක් හෝ 05 ක් යතුරු පැදි කරුවන් බවද ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සේනක ගමගේ මහතා වැඩි දුරටත් අනාවරණය කළා.

ඉම්රාන්ගේ Sex කතා රටවටේම ප්‍රචාරය වෙයි!

පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කාන්තාවන් දෙදෙනෙකු සමග කළ බව කියන “ලිංගික අදහස්” (sex calls) ඇතුළත් හඬ පට කිහිපයක් සමාජ මාධ්‍යවල ශීඝ්‍රයෙන් හුවමාරු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නත්තලට වැහෙන්නේ බාර් විතරයි; හෝටල් හා අවන්හල් ඇරලා!

නත්තල් දිනය දා සුරාසැල් ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුවට එළඹෙන  25 වනදා සුරාසැල් වසා තබූවත් හෝටල් සහ අවන්හල්වල එදින මත්පැන් භාවිත කළ හැකිය.

"එයයි මායි..." – ජනප්‍රිය නිලි ශලනි තාරකා පෙම්වතා සමග ඇවිදින්න ගිහින්!

රංගන ශිල්පිනියක විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්නේ, ලංකාවේ වර්තමාන නිලි රැජින විදියට හඳුවන්නෙත් ඇයයි, ඉතින් අපි අද කතා කරන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන ඇස් වශී කරනවන තරම් සුන්දර රුවකට හිමිකම් කියන ශලනි සමගයි, ඉතින් ශලනි මොකද වෙන්නේ මේ දවස්වල ”මේ දවස්වල නිර්මාණයකට සම්බන්ද වෙලා හිටියා, ඒ වගේම තව පොඩි පොඩි වැඩ ටිකක් කරගෙන යනවා, ඒවා තමයි ඉතින් වෙන්නේ, නිදහස් වෙලාවක් තිබ්බොත් පිටපත් ටිකක් කියනවා,”

වර්තමාන අර්බුදයත් එක්ක කළා ක්‍ෂේත්‍රයට මුහුණපාන්න වෙලා තියෙන දේ ගැන ශාලනිට මොකද හිතෙන්නේ, ”විශේෂයෙන්ම අලුත් නිර්මාණ කරද්දී හැම පැත්තකින්ම අපිට ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුනා, ඒ වගේම අපිට ගොඩක් නිර්මාණ වලට සම්බන්ද වෙන්න විදියක් නැති වුනා, රටේ ප්‍රශ්න එක්ක ගොඩක් දේවල් නැතිවුනා, ඉස්සර වගේ නෙවෙයි අධ්‍යක්ෂකවරුත් දැන් නිර්මාණ කරන්නේ ගොඩක් අඩුවෙන්, කලාව පැත්තෙන් ගත්තම මේක ගොඩක් කනගාටුදායක කාලයක්,”

ශලනි සාමාන්‍යයෙන් මාධ්‍ය එක්ක ගනුදෙනු ටිකක් අඩුයි නේද..? ”මම කොහොමත් වැඩිය කතාබහ නැති කෙනෙක් නේ, ඒ වගේම මම කා එක්කවත් ඉක්මනට යාලුවෙන කෙනෙක් නෙවෙයි, හැබැයි මම මගෙත් එක්ක කතා කරන ඕනෑම කෙනෙක් එක්ක මම සුහදව කතා කරනවා, අනික මම නිතරම ටීවීවලට පත්තරවලට සම්බන්ද වෙලා අනවශ්‍ය විදියට ජනප්‍රිය වෙන්න කැමති කෙනෙකුත් නෙවෙයි, ඒ මගේ හැටි, එහෙම නැතුව ඒ මම මාධ්‍යට එන්න අකමැති කෙනෙක් නිසා නෙවෙයි, ගොඩක් අය ඒක වැරදියට තේරුම් අරගෙන ඉන්නේ”

ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ශලනි පහුගිය දවසක කියලා තිබ්බා ඇයගේ විවාහය ලබන වසරේ සිදුවෙනවා කියලා, ඒ වගේම මේ වනවිට ඇය පෙම්වතියක් කියලත් මාධ්‍යට ප්‍රකාශ කරලා තිබ්බා, ඒ වගේම ශලනි පහුගිය දවසක ඇය පෙම්වතා සමග ඉන්න පින්තූර කිහිපයක් සමාජ ජාලාවලට එකතු කරලා තිබ්බා, ඒ ලෝකේ අලුත්ම ට්‍රෙන්ඩ් එක වන Ai ආකාරයට නිර්මාණය කරපු පින්තූර කිහිපයක්, ඇය ඒ පින්තූර කිහිපයට කැප්ෂන් විදියට දාලා තිබ්බේ ‘එයයි මායි’ කියලා, ඉතින් ඒ පින්තූර කිහිපයට ඇයගේ රසික රසිකාවියන් ගොඩක් ප්‍රතිචාර දක්වලත් තිබ්බා”

මොන ප්‍රශ්නේ තිබ්බත් මම එක ඇඳුමක් අඳින්නේ එක පාරයි – ජනප්‍රිය නිලි පියුමි ශ්‍රීනායක

මේ දවස්වල ලංකාවේ බහුතරයක් නරඹන ආදරණීය ටෙලිනාට්‍යක් තමයි ස්වර්නවානිනී නාලිකාවේ විකාශනය ‘පාරදිගේ’ ටෙලිනාට්‍ය, ඉතින් මේ නාට්‍ය හරහා හැමෝගේම ආදරේ දිනාගන්න සමත්වුණ දක්ෂ වගේම සුන්දර රංගන ශිල්පිනියක් තමයි පියුමි ශ්‍රීනායක කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ දුටුවන්ගේ නෙත් වශී කරනවන සුන්දර රුවකට හිමිකම් කියන පියුමි ශ්‍රීනායක සමග, පියුමි අපි දකිනවා ඔයා කරන විලාසිතා හැමෝගෙම ආකර්ෂණය දිනාගන්න සමත්වෙලා තියෙනවා, ඒකට විශේෂ හේතුවක් තියෙනවද..? ”මම දකින විදියට ඒකට විශේෂම හේතුව තමයි මම හරිම ලස්සනය පිළිවෙලට ඇඳුම් අඳින එක ඒ වගේම මම ලෝකේ ඉන්න හැමෝගෙම විලාසිතාගැන අවධානයෙන් ඉන්නේ, මම ඉතින් ඒවා බලලා මම කැමති විලාසිතා තෝරාගන්නවා”

එතකොට පියුමි වැඩියෙන්ම කැමති කාගේ විලාසිතාවලටද..? මම වැඩියෙන්ම ආස ජනරිය නිලි දීපිකා පදුකෝන්ගේ විලාසිතාවලට, සමහර වෙලාවට මම විශේෂ අවස්ථාවලට යද්දී දීපිකාගේ විලාසිතා ඒ විදියටම කරන්න උත්සහ කරනවා, දීපිකාට අමතරව ආලියාබාත්, ජාන් බී කපූර්, ප්‍රියංකා චොප්රා, වගේ කට්ටිය කරන විලාසිතා වලටත් මම ගොඩක් ආසයි, මම කොහොමත් ආසයි ලස්සනට අන්දලා පැළඳලා ඉන්න”

ඔබට හිතෙන විදියට ඔයාට ගැලපෙනම විලාසිතා මොනවද..? ‘මට ගැලපෙනම විලාසිතා තමයි ඉන්දියානු විලාසිතා, මගේ මුහුණේ හැඩයි ඇඟේ පැහැයයි නිසා මම හින්දි විලාසිතා කරද්දී ගොඩක් අය කියනවා මම හින්දි නිලියක් වගේ කියලා, මම විලාසිතා කරද්දී දුඹුරු පාට හැරෙන්න ලෝකේ තියෙන ඕනෑම පාටක ඇඳුම් අඳිනවා මම දුඹුරු පාට ඒවා පෙන්න බෑ, අනිත් හැම පාටක්ම මට ලස්සනයි කියලයි මට හිතෙන්නේ,”

අපි දකිනවා ඔබ ඔබටම ආවේනික විලාසිතා කරනවා, ඉතින් ඒ ඇඳුම් නිර්මාණය කරගන්නේ ඔබමද..? ”ඇත්තම කියනවනම් නැහැ, මට මම වෙනුවෙන්ම ඇඳුම් නිර්මාණය කරන කෙනෙක් ඉන්නවා, එයා තමයි රුවන් චාමර මල්ලි, එයා මට නිර්මාණය කරලා දෙන එක ඇඳුමක් මම අඳින්නේ එක පාරයි, ඉතින් ඒ නිසා එයා අලුත් අලුත් ඇඳුම් ගොඩක් මට හදලා දෙනවා, ඇත්තම කියනවනම් එයා අති දක්ෂයෙක්”

විලාසිතා වෙනුවෙන් ලොකු මුදලක් වැය කරනවා ඇති නේද එහෙනම් ” අනේ නෑ, මම නිතරම බලන්නේ අඩු මුදලකින් ලස්සනට අඳින්න පළදින්න, මම කොහොමත් බ්‍රැන්ඩඩ් ඇඳුම් විතරක් අඳින කෙනෙක් නෙවෙයි, මම මට ගැලපෙන ඕනෑම ඇඳුමක් අඳිනවා, මට එහෙම මානසික මට්ටමක් නෑ, පොඩි ගානකට ලස්සන ඇඳුමක් හම්බවුනොත් මම ඒකත් අරන් අදිනවා, ඒක පාටියකට හොඳයි කියලා හිතුනොත් මම පාටියකටත් ඒක අඳිනවා,”

"ආජන්ටිනාව දිනනවා කියලා මං කලින්ම කිව්වා" බෝර්න් අගේන් ජෙරම් යළිත් වහසි බස් දොඩමින් අනුන්ගේ දරුවන්ට උප්පැන්න ලියයි

මෙවර පා පන්දු ලෝක කුසලානයේදී ආජටිනාව ලොවම මවිත කරවන බවට තමන් කලින්ම පැවසූ බව පාස්ටර් ජෙරම් කියා සිටිනවා.

වීඩියෝවක් නිකුත් කරමින් ඔහු කියා සිටිනුයේ ප්‍රංශය පිළිබඳවද තමන් කල් තියාම එලෙස ප්‍රකාශ කරනු ලැබූ බවයි.

කෙසේ වෙතත් තරඟාවලිය අවසාන වන තෙක් නොසිට ජයග්‍රාහකයා කවුද යන්න හැකිනම් පවසන ලෙසට නෙත් එෆ් එම් රේඩියෝවේ බැලුම්ගල වැඩසටහනින්ද ඔහුට ප්‍රසිද්ධියේ අභියෝගයක් එල්ල කල අතර තවත් බොහෝ දෙනෙකු මේ හා සමාන අදහස් ප්‍රකාශ කරනු ලැබුවා.

එහෙත් ඒ සියල්ල හමුවේ මුණිවත රැක සිට තරඟය නිමවීමෙන් අනතුරුව මෙලෙස වහසි බස් දෙඩීම නම් හාස්‍යයට කරුණක් වනවා.

හරක් මස් එළු මස් කන අයට ජනාධිපති කාර්යාලයෙන් හොඳ නිව්ස් එකක්!

දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් හරක් මස් සහ එළු මස් ප්‍රවාහනයට පනවා තිබූ තහනම ඉවත් කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.

උතුරු සහ නැගෙනහිර පළාත්වල සතුන් ඉකුත්  දෙසැම්බර් 8 සහ 9 දින වල හදිසියේ මිය යාම හේතුවෙන් මහජන සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි එළු මස් සහ හරක් මස් ප්‍රවාහනය අත්හිටුවීමට ජනාධිපතිවරයා නියෝග කර තිබිණි.

අනතුරුව කළ රසායනාගාර පරීක්ෂණවලින් තහවුරු වූයේ මෙම සත්ව මරණ වලට හේතුව හදිසියේ ඇති වූ ඇතිවූ සීතල කාලගුණය නිසා ඇතිවූ කම්පනය බවයි.

ඒ අනුව සත්ව මරණ වලට හේතුව වසංගතයක් නොවන බවට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ලබන වසරේ සිට වාර විභාග නොපැවැත්වෙයි - ඒ වෙනුවට නවතම ක්‍රමවේදයක්!

ලබන මාර්තු මස අග සිට ආරම්භ වන 2023 පාසල් අධ්‍යයන වර්ෂයේ දී ප්‍රාථමික අංශයේ වාර විභාග නොපවත්වා පාඩමෙන් පාඩමට සිසුන්ට අභ්‍යාස ලබා දී එහි ලකුණු වාර්තා තබාගෙන ඒවා සහ වර්ෂාවසානයේ පවත්වන විභාගයේ ලකුණු මත සිසු ඇගයීම් හා තක්සේරුකරණ ක්‍රියාවලිය ක්‍රියාවට නංවන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

නත්තල් සැමරුම් උත්සවයක ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

නිවාඩු අඩු කර වැඩියෙන් වැඩ කර ලබන දෙසැම්බර් මාසය වන විට සියලු විෂය නිර්දේශ ආවරණය කර පාසල් අධ්‍යාපන කටයුතු යථා තත්වයට පත් කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

“දරුවාව එක්කගෙන ගිය කෙනා දරුවාව පාසලට දාලා නැහැ – මගේ දරුවට මොකද වුණේ?” – එප්පාවල මවක් හඬා වැටෙයි

එප්පාවල ප්‍රදේශයේදී කුඩා දරුවෙකු පැහැරගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ එප්පාවල කිරලෝගම ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි 9හැවිරිදි වියේ පසුවන කුඩා දරුවෙක්.

දරුවාගේ මව පවසන්නේ ඊයේ (19) රාත්‍රියේ සිට තම දරුවා අතුරුදන්ව ඇති බවයි.

තම නිවසට නිතර පැමිණි අයෙකු මෙම දරුවා රැගෙන යන්නට ඇති බවට සැකපළකරන බවද දරුවාගේ මව පවසනවා.

ඉහත ඡායාරූපයේ දැක්වෙන දරුවා පිළිබඳ තොරතුරක් වෙතොත් එප්පාවල පොලිස් ස්ථානයේ දුරකථන අංක 025-2249122 වෙත දැනුම්දෙන ලෙසට ඉල්ලා සිටිනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ මල්කාන්ති මහත්මිය කියා සිටියේ,

“පෙරේදා (19) ගොඩක් වැස්ස, මගේ කකුලේ අමාරුවකුත් තිබුණා, මම ඊට පස්සේ ඔය ඉලෙක්ට්‍රික් වැඩ කරන ප්‍රියන්ත මල්ලිට කිව්වා දරුවා පාසලට ගෙනිහින් දාන්න කියලා. එයා හා අක්කේ ළමයා තෙමන්න බෑනේ, මම ගෙනිහින් දාලා ආපහු එක්කගෙනත් එන්නම් කියලා කිව්වා. එයා දරුවාට හරි ආදරේ බවක් පෙන්නනවා. හැමදේම කරලා දෙනවා. දරුවා එක්කගෙන ගියා උදේ ඇවිත්. හැබැයි ඉස්කෝලෙට දාලා නෑ දරුවා. මං ඒක පස්සේ දැනගත්තේ. මගේ පුතා ඉලෙක්ට්‍රික් වැඩවලට ආසයි. ඒකයි ඒ කෙනා එක්ක මිතුරු. එයා එක්ක එකතු වෙලා රේඩියෝ හදලා තියෙනවා. මට ඒ ප්‍රියන්ත කියන කෙනා කලින් දවසක කිව්වා, සෙලින්කෝ එකෙන් තරගයක් තියෙනවා, මෙයා ඔය හදන දේවල් ඒකට ඉදිරිපත් කළාම සහතික දෙනවා, ඒවාට උදව් කරනවා කියලා. පුතත් ඒකට යන්න ඕනෑ කියා කිව්වා. පුතා ප්‍රියන්තත් එක්ක එකතු වෙලා හදපු රේඩියෝ එකට ගියපු වියදමවත් අපෙන් ගත්තේ නෑ. සෙලින්කෝ එකෙන් ඒවත් හම්බෙනවා කියලා කිව්වා.

මේක හදපු හැටි රෑට සෙලින්කෝ එකෙන් කථා කරලා විස්තර අහයි කියලා කිව්වා. ඊට පස්සේ පහුවදා උදේ ඒ කියන්නේ පෙරේදා (19) 6ට විතර මට කෝල් එකක් ආවා. දරුවාගෙන් විස්තර ඇහුවා මේ උපකරණය කොහොමද හැදුවේ කියලා. පුතා ඒවට උත්තරත් දුන්නා. මට සැක හිතුනා ඒ කථා කළේ ප්‍රියන්තමයි කියලා. මට ඊට ටික වේලාවකට පස්සේ ප්‍රියන්ත කතා කරලා ඇහුවා සෙලින්කෝ එකෙන් කතා කළාද කියලා? මම ඒ වෙලාවෙත් එයාට කිව්වා ඔයාගේ කටහඬ ඇහුනේ කියලා. මට කටහඬ මාරු කරලා කතා කරපු විත්තියක් තේරුණා. සිග්නල් නැති හින්දා එහෙම ඇහෙන්න ඇත්තේ. මං එන්නම් ළමයා ඉස්කෝලේ දාන්න කියලා කිව්වා. එයා කිව්වා 3.00ට කලින් සෙලින්කෝ එකට පුතා ඒ ඉලෙක්ට්‍රික් වැඩ කරන වීඩියෝ එකක් සෙලින්කෝ එකට යවන්න ඕනෑ කියලා. මම කිව්වා ඉස්කෝලේ ඇරිලා ඇවිත් ඒ වීඩියෝ එකත් යවලා 3.30 විතර වෙද්දී අරන් එන්න 4.00ට ඉංග්‍රීසි පන්ති තියෙනවා කියලා. ඊට පස්සේ ඉස්කෝලෙට දැම්මා කියලා කෝල් එකකුත් දුන්නා. 2.10ට විතර පුතා එක්කන් ආවා කියලත් කෝල් කළා.

ඊට පස්සේ අර වීඩියෝ එක කරන ගමන් ඉන්නේ කිව්වා. හා කියලා 3.30ට ළමයා එක්කන් ආවා. ඊට පස්සේ පුතා ගෙට ගිහින් පන්ති යන්න ලෑස්ති වෙලා ආවා. ඊට පස්සේ එයාම පුතාව පන්ති දාලා ආපහු එක්කගෙනත් එන්නම් කිව්වා. හවස වහින්නත් වගේනේ කියලා කිව්වා. එයාගේ වෙනසක් මට තේරුණේ නෑ. ළමයාට ආදරයට මේවා කරනවා කියලා මම හිතුවේ. ඊට පස්සේ 4.30ට විතර තමයි පන්තිය ගාවට එයා ගිහින් තියෙන්නේ. පන්තියට ගිහින් කියලා තියෙනවා ළමයා අද එන්නේ නෑ, ළමයාට බඩේ අමාරුවක්, ලබන සතියේ ඉඳන් එන්නම් කියලා. ළමයා කදුරුගස්වැව පැත්තට එක්කන් ගිහින් තියෙනවා. ඊට පස්සේ 6.00ට විතර කතා කරලා කිව්වා අක්කේ මං පන්තිය ළඟ ඉන්නේ. හරි පුතා එනවා මං එක්කන් එන්නම් කියලා කිව්වා. ඊට පස්සේ ළමයා අරගෙන ගෙදරට ආවා 6.30ට විතර. ඊට පස්සේ ප්‍රියන්ත කියන කෙනා දරුවා ගෙදරට දාලා, මම දැක්කා ළමයාගේ ඔළුව අත ගාලා මොනවා හරි කියනවාත්. මං දැක්කා, ඊට පස්සේ ප්‍රියන්ත යන්න ගියා.

මට කට්ටිය කිව්වා ළමයා මෙයා ගාවට යවන්න එපා කියලා. හැබැයි මේ ඔක්කොම, මං මේ දේවල් වුණාට පස්සෙයි දැනගත්තේ. ටීචර්ට කතා කළාට පස්සේ තමා මං දැනගත්තේ පන්ති ගෙනිහින් නෑ කියලා. ඉස්කෝලේ සර්ට කතා කරාම දැනගත්තේ ඉස්කෝලෙට ළමයා දාලත් නෑ කියලා. ප්‍රියන්ත කිව්වා එයාගේ බිරියයි දරුවෝ දෙන්නයි වැලිකන්දේ බෝම්බයකට අහු වෙලා මැරුණා කියලා. ළමයි නැති ශෝකයට මෙයා මගේ දරුවාට ආදරේ කරන්නේ කියලා මම හිතුවා. ඊට පස්සේ කොහොම හරි පෙරේදා (19) රෑ 8.30ට විතර බලනකොට පුතා ගෙදර හිටියේ නෑ. හැමතැනම හෙව්වත් පුතා ගෙදර කොහෙවත් හිටියේ නෑ. අර ප්‍රියන්ත කියන කෙනා රෑ අපේ ගේ ළඟ ත්‍රීවීල් එක නවත්තගෙන ඉන්නවා ඒ ළඟ ගෙවල්වල අය දැකලා තියෙනවා. අපි සැක කරන්නේම ප්‍රියන්ත තමයි දරුවා පැහැරගෙන ගියේ කියලා.

“රිමෝට් කාර්, එල්.ඊ.ඩී. බල්බ් වර්ග දීලා තිබුණා මේ බයිසිකලේට එල්ලගන්න. නොමිලේ ඒවා හදලා දීලා තමයි පුතාව යාළු කරගත්තේ. ඔය දැන හැඳුනුම්කම දැන් මාස 2 ½ක් විතර ඉඳන් තියෙන එකක්. පුතා ඉලෙක්ට්‍රික් වැඩවලට ආස නිසා එයා ඒ දේවල්වලට උදව් කරන විදිහට පුතාව වෙන මොනවා හරි දේකට පොළඹවාගෙන තියෙනවා කියලා මට හිතෙනවා. දරුවා අතුරුදන් වුණාට පස්සේ අපි ප්‍රියන්තගේ කඩේට ගිහින් බැලුවා. එයා හිටියෙත් නෑ. ඊට පස්සේ අපි ප්‍රියන්ත පදිංචි තලාවේ ගෙදරට ගියා. එහෙත් නෑ, ඊට පස්සේ අපි 119ට පැමිණිලි කළා. එප්පාවල පොලිසියට ගිහින් අපි පැමිණිල්ලකුත් ඉදිරිපත් කළා. තවම පුතා ගැන තොරතුරක් නෑ. මං වැඳලා ඉල්ලන්නේ මගේ පුතාව හොයලා දෙන්න කියලා. මගේ පුතා අවසානෙට රතු ටීෂර්ට් එකකුයි, දුඹුරු පාට දිග කලිසමකුයි ඇඳන් හිටියේ” යැයි පැවසුවා.

එප්පාවල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ඉන්දියාවේ පොලිසිය අල්ලගත්ත ලංකාවේ පාතාල කල්ලි ලොක්කෝ 9 දෙනා ගැන තවත් තොරතුරු එළියට!

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හා අවි ජාවාරම සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 09 දෙනෙකු ඉන්දියාවේ තමිල්නාඩුවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පිරිස අතර සී.ගුණසේකරන් හෙවත් ගුණා, පුෂ්පරාජා හෙවත් පූකුඩුකන්නා, මොහොමඩ් අස්මින්, අලහප්පෙරුමගේ සුනිල් ගාමිණී ෆොන්සේකා, ස්ටැන්ලි කෙනඩ් ප්‍රනාන්දු, ලඩියා, ධනුක රොෂාන්, වැල්ලේ සුරංග හෙවත් ගමගේ සුරංග ප්‍රදීප්, තිලීපන් යන අය සිටින බවයි අයි ඒ එන් එස් ඉන්දීය පුවත් සේවය සඳහන් කළේ.

මොවුන්ට එරෙහිව එල්ටීටීඊය පුනර්ජීවනය කිරීම සඳහා මත්ද්‍රව්‍ය හා ආයුධ ජාවාරමට සම්බන්ධ බවට චෝදනා ඉදිරිපත්ව තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකු ඩුබායි, පකිස්ථානය සහ ඉරානය අතර නිතර ගමන් කළ පාකිස්තානය පදනම් කරගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හාජි සලීම් සමඟ නිරන්තර සම්බන්ධතා පැවැත්වූ බව ඒජන්සිය පවසනවා.

ඉන්දීය ඔත්තු සේවාව මෙම වැටලීම සිදුකර තිබුණා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka