නවතම ජංගම දුරකථන App එකක්..ඔබත් මේ ගැන දැනුවත්ද..?

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සඳහා විදේශ ප්‍රේෂණ පහසු කිරීමට ජංගම දුරකථන යෙදුමක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ. විදේශ ප්‍රේෂණ ප්‍රවාහ වැඩිකිරීම සඳහා මෙන්ම අවිධිමත් ක්‍රමවේද අධෛර්යමත් කිරීමේ අවශ්‍යතාව හඳුනාගත් ශ්‍රී ලංකා මහ බැංකුව, නව ප්‍රේෂණ ක්‍රමවේද අධ්‍යයනය කරමින් ශ්‍රී ලංකාවට අඩු පිරිවැයක් සහිත ව විදේශ ප්‍රේෂණ එවීමේ ක්‍රමවේද පිළිබඳ නිර්දේශ සහ යෝජනා ඉදිරිපත් කිරීමට ක්‍රියාකාරී කමිටුවක් පසුගියදා පත්කරනු ලැබීය.

මෙම ක්‍රියාකාරී කමිටුව ලංකා බැංකුව, මහජන බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, හොංකොං සහ ෂැංහයි බැංකුව, කාගිල්ස් බැංකුව, ඩයලොග් ආසියාටා, මොබිටෙල් (පුද්ගලික) සමාගම සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත විය.

ක්‍රියාකාරී කමිටුව විසින් ශ්‍රී ලංකාවට වැඩි ප්‍රේෂණ ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීම සඳහා “SL-Remit” නමින් ජාතික ප්‍රේෂණ ජංගම යෙදුමක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති අතර මෙහි ස්වයං පරිශීලක ලියාපදිංචිය,

ගෝලීය මුදල් හුවමාරු ක්‍රියාකරුවන්ට හා ගෝලීය මූල්‍ය තාක්ෂණ සේවා සැපයුම්කරුවන්ට සම්බන්ධ වී ඕනෑ ම රටක සිට මුදල් එවීමට පහසුකම් සැලසීම,

ශ්‍රී ලංකාව තුළ ඕනෑ ම බැංකු ගිණුමකට/ජංගම පසුම්බියකට ක්ෂණික ව අරමුදල් මාරු කිරීම වැනි විශේෂාංග ඇතුළත් ව තිබේ. මෙයට අමතර ව ආකර්ශණීය විදේශ විනිමය අනුපාත ඉදිරිපත් කිරීම,

අඩු ගනුදෙනු ගාස්තු සහිත වීම සහ සෘජු බිල්පත් ගෙවීමේ පහසුකම වැනි වටිනාකම් එකතු කළ සේවාවන් රැසක් ද මෙම යෙදුමට ඇතුළත් වේ. ශ්‍රී ලංකා මහ බැංකුව, මෙම “SL-Remit” ජංගම යෙදුම මුදල් අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ලංකා ක්ලියර් (පුද්ගලික) සමාගම වැනි පාර්ශ්වකරුවන්ගේ සහාය ඇති ව ක්‍රියාත්මක කරනු ලබයි.

නිදා ගන්න කොට ජංගම දුරකථන ලග තියාගන්න එපා!

මොන දේ වැරදුනත් එක දෙයක් නම් හරියට කියන්න පුළුවන්. ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් සොයාගත් දුරකථනය අද පවතින තත්වයට පැමිනෙයි කියලා ඔහු හිනෙකින්වත් හිතන්න නැතු ඇති.

ඒ තරමට අද වෙන කොට දුරකථන තාක්ෂණය දියුණු වෙලා. මීට වසර 20කට කලින් නම් ජංගම දුරකථනයක් කියන්නේ ඇතිහැකි අයට පමණක් තිබුණු උපකරණයක්. ඒත් අද වෙනකොට ජංගම දුරකථනය කුඩා දරුවෙක් ලග තියෙන සුලභ උපකරණයක් බවට පත් වෙලා අවසානයි. නිකමට හිතන්න මීට වසර ගනණාවකට කලින් අතීතයට ගිහින් අපි ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්ව හමුවෙනවා. ඔහුට කියනවා දුරකතනය මගින් ඔයා සෙල්ලම් කරනවා කියලා.

ඒ විතරක්ද ඔය එලාම් එක තියන්නෙත් දුරකතනයෙන් කියලත් කියනවා. පිටරට ඉන්න අයගේ මුහුන බලගෙන කතාකරනවා කියලත් ඔයා කියවා. සීයට දාහක් විශ්වාසයි ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් ඔයා කියන කතාව කීයටවත් විශ්වාස කරන්නේ නෑ. ජංගම දුරකතනය කියන්නේ අද වෙනකොට මිනිසාට නැතිවම බැරි උපකරණයක්. උපකරණයකටත් වඩා ලගම මිතුරා කිවුවොත් කිසිම වැරැද්දක් නෑ. ඒත් ජංගම දුරකතනය අනිසි ලෙස භාවිතා කිරීමෙන් ඔයාගෙ මරණයට හේතු වෙන්න පුලුවන් ඔයා දැනගෙන හිටියද.

ගොඩක් අය උදේට නැගිට්ට ගමන්ම අතට ගන්නේ ජංගම දුරකතනයයි. රෑට නිදාගන්න යනකොටත් අරගෙන යන්නේ ජංගම දුරකථනයයි. එක ඒ තරමටම ඇබ්බැහි වීමක් බවට පත් වෙලා. ඒත් ඔයා දන්නවද ජංගම දුරකතනය ලග තියගෙන නිදාගැනීමෙන් ඔයා මරණයට උනත් පත් වෙන්න පුලුවන්. ජංගම දුරකතනය කියලා කියන්නෙ ඉලෙක්ට්‍රොනික් උපකරණයක්, ඒ නිසා ජංගම දුරකතනය ක්‍රියාකරනකොට එක රත් වෙන්න පුලුවන්.

මේ ජංගම දුරකතනය ඔයා නිදාගෙන ඉන්නකොට කොට්ටෙට යට උනොත් ඔයාට මොනවද වෙන්නේ කියලා ඔයා දන්නවද, ජංගම දුරකතනයේ උෂ්ණත්වය ඉහළ යනවා. ඉතින් මේ ජංගම දුරකතනය රත්වෙලා වැඩි වුනාම පිපිරීමේ සම්භාවිතයක් පවා තියෙනවා. ඒ විදියට ජංගම දුරකතනය පුපුරලා ගියොත් ඔයා මරණයට වුනත් පත් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඔයාගේ ඇගට කුමක් හෝ හානියක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා ජංගම දුරකතනය චාජර් එකට ගහල නම් තියෙන්නේ මේකේ අවදානම තව තවත් වැඩි වෙනවා. මොකද එහෙම වුනාම ජංගම දුරකතනය රත්වීම ඉතාමත්ම වැඩි වෙනවා.

ඒ වගේම ජංගම දුරකතනය දැඩි, අවු රශ්මියට නිරාවරණය වෙන්න දෙන්න එපා. මේ හේතුව නිසා ඔයගේ ජංගම දුරකතනයේ ආයු කාලය ඉතාමත්ම වේගයෙන් අඩු වෙනවා. ජංගම දුරකතනයක් මගින් විද්යුත් චුම්භක තරංග නිකුත් කරනවා. එම විද්යුත් තරංග නිසා ඔයාගේ මොළේට හානී සිද්ධ වෙනවා.

ඒ නිසා ජංගම දුරකතනය ලග තියාගෙන නිදාගැනිම මගින් ඔයා දරුණු මානසික රෝගියෙක් බවට පත් වෙනවා. ඒ වගේම රාත්‍රියට ජංගම දුරකතනය භාවිතා කිරීම නිසා මොළේට හානී වීම මගින් අමතක වීම වැනී රෝග වැලදීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඔයාට මේ දැන් කියන දේ තවත් ටිකකින් අමතක වෙනවා වගේ දැනෙනවා නම් ඒ අනවශ්‍ය ලෙස ජංගම දුරකතන භාවිතා කිරිමේ ප්‍රතිථලයක් වෙන්නත් පුලුවන්. ඒ වගේම පුලුවන් තරම් ජංගම දුරකතනයෙන් කතා කරන කොට ඊයර් පෝන් (Earphone) එකක් භාවිතා කරනවා නම් ගොඩක්ම හොදයි.

විඩියෝ කෝල් (Video Call) මගින් කතා කරන එකත් සෞඛ්‍ය ආරක්ෂිතයි, මොකද ඔයාගේ ජංගම දුරකතනය ඔයාගේ කන අසල නැති නිසා අහිතකර විද්යුත් චුම්භක තරංග වලින් ඔයාගේ මොළේ ආරක්ෂා වෙනවා. ඒ වගේම ගොඩක් පිරිමි අය ජංගම දුරකතනය කලිසම් සාක්කුවේ තමයි දාගෙන ඉන්නේ. මේ ස්ථානය පිරිමි අයගේ ප්‍රජනක අවයව වලට ගොඩක් සමීපයි, ඉතින් මේ ජංගම දුරකතන සාක්කුවේ දාගැනීමෙන් එහි ඇති චුම්භක තරංග නිසා පිරිමින්ගේ වෘෂණ කෝෂ වලට දැඩි බලපෑම් ඇති වෙන බව ඇතැම් විද්‍යාඥයෝ පවසනවා. ඒ වගේම ජංගම දුරකතනය කමිස සාක්කුවේ දාගැනීමෙන් තමන්ගේ හදවතට ද බලපෑම් එල්ල විය හැකි බව විද්‍යඥයෝ පවසනවා.

මීට අමතරව ඔයා කුලීරථ වල ගමන් කරන කොට වගේම කැෆේ (Cafe) වලදිත් එහි ඇති චාජර් මගින් ජංගම දුරකතන ආරෝපණය කරන්න හිතනවා නම් එක දෙපාරක් හිතන්න ඕනේ කාරනයක්. මොකද මේ නිසා ඔබේ ජංගම දුරකතනය හැක් (Hack) වීමේ සම්භාවිතාවටක් තියෙනවා. ඒ නිසා යන යන තැන පවර් බෑන්ක් ( Power Bank) එකක් අරන් යන එක තමන්ගේ ඇගට ගුණයි. ඒ වගේම සමහර වෙලාවල් වලට ජංගම දුරකතනය වැඩි වෙලාවක් භාවිතා කරන කොට එය රත් වෙනවා වගේ ඔයාට දැනිලා ඇති. ඒ වෙලවට නම් කීයටවත් ජංගම දුරකතනය චාජ් (Charge) කරන්න උත්සහ කරන්න එපා. ඒ වගේම හැම වෙලාවෙම ජංගම දුරකතනයේ තිරේ (Screen) දිහා බලන් ඉන්නත් හොද නැහැ.

රාත්‍රියට මේ ජංගම දුරකතන වලින් නිකුත් කරන ආලෝකයට ඇස් නිරාවරණය වීමෙන් විවිධ ආබාද රැසක් හට ගන්න පුලුවන්. මේ ආලෝකය නිසා අපේ ශරීරයේ නිෂ්පාදනය වන මෙලටොනික් කියන හෝමෝනයට දැඩි බලපෑම් එල්ල වෙනවා. විද්‍යඥයින් පවසන ආකාරයට මෙලටොනික් වලින් තමයි අපගේ සිරුර සන්සුන් කරලා නින්ද සදහා සිරුර සූදානම් කරන්නේ. කොච්චර භායානක ප්‍රතිථල තිබුනත් අද වෙනකොට ජංගම දුරකතනය කියලා කියන්නේ අත්‍යාවශම භාණ්ඩයක් ඒ නිසා වර්තමානය වන විට එක්තරා ආකාරයක ඇබ්බැහි වීමක් විදියටත් හදුන් වන්න පුලුවන්.

අද වෙනකොට කුඩා දරුවන් අදික ලෙස මේ සදහා ඇබ්බැහි වීමක් වෙලා තියෙනවා බලාගන්න පුළුවන්. කෙසේ හෝ උගත් බුද්ධිමත් දෙමාපියන් හැකි තරම් තමාගේ දරුවා දුරකතනයෙන් ඈත් කර තියන්න කටයුතු කරනවා. උදාහරණයක් විදියට දැනට ලෝකයේ තුන්වන කෝටිපතියා වන ඒ වගේම වසර ගණනාවක් ලෝකයේ සිටි බිල් ගේට්ස් හදුන්වන්න පුළුවන්. ඔහු තමන්ගේ ළමයින්ට වයස අවුරුදු 14ක් වන තෙක්ම ජංගම දුරකතනය භාවිතයට අවසර දුන්නේ නැහෑ. ඒ වගේම එංගලන්තයේ රාජකීය දරුවන්ටත් ජංගම දුරකතන භාවිතයට අවසර දීලා නැහැ. එකට විද්‍යාත්මක හේතු රැසක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්.

ජංගම දුරකතන වලින් නිකුත් කරන විද්යුත් චුම්භක තරංග නිසා වැඩිහිටියනට වඩා කුඩා දරුවගේ මොලේට හානී සිද්ද වෙනවා එකට හේතුව තමයි ඔවුන්ගේ හිස්කබල වර්ධනය වී නොතිබීම සහ තුනී වීමයි. ඒ වගේම කුඩා දරුවන්ගේ ඇස් තාම වර්ධනය වී නැති නිසාත් විශාල හානීයක් සිද්ධ වෙනවා. මේ පෝස්ට් එක කියවන ඔයත් තාත්තා කෙනෙක් හරි අම්මා කෙනෙක් හරි නම් මොහොතක් කල්පනා කරලා බලන්න ඔයා කොච්චර තමන්ගේ දරුවා කොච්චර වෙලා ජංගම දුරකතනයේ ඉන්නවද කියලා.

WhatsApp හරහා එන පින්තූර Chat එක විවෘත නොකර බලන්නේ මෙහෙමයි..WhatsApp ගැන දැනගනිමු

 
බිලියන දෙකකට වඩා වැඩි ක්‍රියාකාරී පරිශීලකයින් සංඛ්‍යාවක් සිටින WhatsApp මේ වන විට මෘදුකාංග වෙළඳපොලේ ඇති ජනප්‍රියම පණිවිඩ යෙදුම ලෙස සලකන්න පුළුවන්. එය පාරිභෝගිකයාට නව ඉඟි සහ උපක්‍රම ලබා දෙමින් අඛණ්ඩව මෘදුකාංගය දියුණු කරමින් පවතින බව නොරහසක්.නමුත් ඔවුන් සපයන සේවාවට වඩා දෙයක් පාරිභෝගිකයන් ඔවුන්ගෙන් බලාපොරොත්තු වීම මේ වන විට ඔවුන් හමුවේ ඇති අභියෝගයක් වනවා.

ඒ අනුව WhatsApp හි ඇති අඩුපාඩු වලින් එකක් නම්, පණිවිඩකරුවන්ට Chat එකක් හරහා පණිවිඩයක් ලැබුණු විට සහ එය බැලූ විට පණිවිඩ යවන්නන්ට දන්වනු ලැබීමයි. අද Colombo Times Blog එක හරහා අපි කියන්න යන්නේ එසේ Chat එක එය විවෘත නොකර WhatsApp හි පණිවිඩයක් හෝ ඡායාරූපයක් හෝ වීඩියෝවක් බැලීමට ඇති ක්‍රම කිහිපයක් පිළිබඳවයි.

IPhone වල Chat විවෘත නොකර WhatsApp ඡායාරූප බලන්නේ කෙසේද?
1) මුලින්ම WhatsApp හි ඇති සියලුම Chat වලින් Exit වීම සිදු කරන්න.

2) ඉන්පසු යම් එක Chat එකක් මත තදින් Click කර අල්ලාගෙන ‘More’ option’ සහ ‘Export Chat’ විකල්පය Click කරන්න.

3) ඊළඟට, save to ‘Files’ විකල්පයට යන්න.

4) මෙම අවස්ථාවේදී ඔබට අමතක නොවන Folder එකක් තෝරාගෙන එහි Save කිරීමට පුළුවන්.

5) පසුව ඔබ Save කරන ලද Folder එක වෙත යන්න, එහිදී ඔබට ඡායාරූපය හමුවේ.

Android හි චැට් විවෘත නොකර WhatsApp ඡායාරූප බලන්නේ කෙසේද?
ඉහත, ඇපල් හි IPhone උපාංග සඳහා මෙම උපක්‍රමය ඉවත් කර ගන්නේ කෙසේදැයි අපි පැහැදිලි කරා. නමුත් Android ගැන කුමක් කිව හැකිද?

අවාසනාවකට මෙන්, මේ අවස්ථාවේදී Android භාවිතා කරන්නන්ට මේ ආකාරයෙන් WhatsApp Chat Click නොකර අන්තර්ගතය බැලීමට මෙම පහසුකම ලබා ගත නොහැකියි එයට හේතුව නම් ‘More’සහ ‘Export Chat’ විකල්පයන්ට ප්‍රවේශ විය හැක්කේ Android හි Chat එකක් තුළ සිට මිස Home මෙනුවෙන් නොවන බැවින්.

සමහර විට මෙය අනාගතයේදී වෙනස් විය හැකි නමුත් දැනට මෙම WhatsApp පෞද්ගලිකත්ව උපක්‍රමය ලබා ගත හැක්කේ iPhone හරහා පණිවිඩ යැවීමේ යෙදුමට ප්‍රවේශ වන අයට පමණයි.

සෑම මසකම WhatsApp වෙතින් වැඩි වැඩියෙන් සංවර්ධනයක් පැමිණෙන අතර පෞද්ගලිකත්වය ආරක්‍ෂා කිරීම සඳහා නවතම ක්‍රම ද සැලසුම් කර තිබෙනවා. ඡායාරූප සහ වීඩියෝ අතුරුදන් වීමේ ක්‍රමය පිළිබඳව WhatsApp වෙතින් හඳුන්වාදුන්නේ ඉන් එක් විශේෂාංගයක් ලෙසයි.

තමන්ගේ දියුණුව තමන්ටම කරගන්න උදවු වෙන ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් කීපයක්!

දැන් ගොඩක් මිනිස්සු ගත්තහම ඇත්තටම කරන්නේ ඔහේ ජීවත් වෙන එකනේ. හා නැද්ද? ඉතාම සීමිත පිරිසක් තමයි හිතන්නේ තමන්ව ගොඩනගා ගන්න එක, වර්ධනය කරගන්න එක, දියුණුවක් ඇති කරගන්න එක ගැන. දැන් එහෙම හිතුවට ඒක කරන්නත් එපැයි. ඒකට එක්කෝ ඒ සඳහාම ඉන්න උපදේශකයෙක් ගාවට යන්න පුළුවන්. ඔය ලයිෆ් කෝච්ලා කියලා කියන්නේ අන්න ඒ අයට. එහෙම නැතිනම්, අපිට පුළුවන් අපි විසින්ම අපේ වැඩි වර්ධනය, ගොඩනැගීම, දියුණුව සිද්ධ කරගන්න. ඇත්තටම ඒකට තමයි self help කියලා කියන්නේ. හැබැයි ඉතින් ඕක නිකම්ම හිතුවා, කළා ටයිප් එකට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකටත් අපිට පිටින් යම් කිසි උදවුවක් ඕන. ඒ කියන්නේ අඩු ගාණේ ඒ වැඩේ කරන්නේ කොහොමද කියන එක ගැන දැනුවත් භාවයක් ඕන. ආන්න ඒ දැනුවත් භාවය ලබාගන්න පාවිච්චි කරන්න පුළුවන් ඇප්ස් එහෙමත් දැන් තියෙනවා. ඉතින් අපි ඒ ඇප් එකක් දෙකක් දාගෙන බලමුද, කොහොමද තමන් විසින්ම තමන්ව ගොඩනගන්නේ කියලා?

1. Coach.me

සමහර වෙලාවට අපිට අපිව ගොඩනගාගන්න, අපේ ඉලක්ක වලට යන්න අපිටම පුහුණුවක් ලබාදෙන්න තනියෙන් බැහැ. ඒකට කෝච් කෙනෙක් අවශ්‍ය වෙනවා. ආන්න ඒ කෝච් කෙනෙක්ගේ සහාය ලබාදෙන්න පුළුවන් ඇප් එකක් තමයි Coach.me කියන්නේ. මේ ඇප් එකෙන් ප්‍රධාන වශයෙන් අපේ ජීවිතේට හොඳ පුරුදු නිර්මාණය කරගන්න සහ කළමනාකරණය කරගන්න අවශ්‍ය මෙවලම් ලබාදෙනවා. අපිට අපේ තියෙන පුරුදු ට්‍රැක් කරමින්, ඒවායින් හොඳ ප්‍රතිඵලයක් ජීවිතේට ලබාගන්න පුළුවන් විදියට ඒවා හැඩගස්වා ගනිමින් ඉස්සරහට යන්න පුළුවන්. අවශ්‍ය නම්, අපිට තනියෙන්ම වැඩේ ගොඩදාන්න බැහැයි කියලා හිතෙනවා නම්, Coach.me එකත් එක්ක එකතුවෙලා ඉන්න ප්‍රජාවගෙන් උදවු ලබාගන්නත් ඇප් එක තුළින්ම පුළුවන්. මේ ඇප් එක ඇත්තටම මිනිස් හැසිරීම් සහ මනෝවිද්‍යාත්මක අධ්‍යයනයන් පාදක කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ.

2. Remente

තමන්ගේ ඉලක්කයන්ට, අරමුණු වලට යන එක අමාරු දෙයක් නෙවෙයි. හැබැයි ඒකට හොඳ සංවිධානාත්මක බවක්, අවධානයක් සහ ඵලදායීත්වයක් ඕන. අන්න ඒකට උදවු කරන ජනප්‍රිය ඇප් එකක් තමයි මේ Remente කියන්නේ. මේ Remente ඇප් එකේ විවිධ මොඩියුල්ස් තියෙනවා. goal plans, personal development articles, journal, planner, goal settings guide වගේ ඒවා තමයි ඒ මොඩියුල්ස්. ඒ ඇරෙන්න හොඳ සන්නිවේදනයක් කරන්නේ කොහොමද, නායකත්වය දරන්නේ කොහොමද වගේ කරුණු කාරණා ගැන අපිට විවිධ ටිප්ස් එහෙමත්මේ ඇප් එක ඇතුළේ ලබාදෙනවා. එතකොට අපේ දවස සැලසුම් කරගන්න, අපේ මානසික සෞඛ්‍යය හොඳද කියලා ට්‍රැක් කරන්න එහෙමත් මෙවලම් ඇප් එක ඇතුළේ තියෙනවා. මේ ඇප් එක ෆ්‍රී වුණාට, සමහර මොඩියුල්ස් මුදල් ගෙවලා ගන්න සිද්ධ වෙනවා. ඒත් පාඩු නෑ හැබැයි!

3. Youper – Mental Health

අපේ ලයිෆ් ගෝල්ස් වලට යනකොට, අපිව ගොඩනංවා ගන්නකොට තියෙන පළවෙනිම කාරණයක් තමයි හොඳ මානසික සෞඛ්‍යයක් තියෙන එක. ඒ මානසික සෞඛ්‍යය ගොඩනංවා ගන්න එකත් අපේ වර්ධනයට, දියුණුවට හරිම වැදගත්. ආන්න ඒ නිසාම තමයි මේ Youper – Mental Health ඇප් එකත් අපේ self help ඇප් ලිස්ට් එකට අවශ්‍ය වෙන්නේ. ඇත්තටම මේ ඇප් එකෙන් අපේ අපේ මානසික ආතතීන්, විෂාදමය තත්ත්වයන් ගැන අවධානයෙන් ඉන්නවා වගේම, අපිට ඉදිරියට අපිව අරගෙන යන්න හොඳ මෝටිවේෂන් එකක් ලබාදීම වගේ දේවලුත් සිද්ධ වෙනවා. මේ ඇප් එක නිර්මාණය කරපු අය කියන්නේ, Youper එකෙන් උදවු කරන්න ආටිෆිෂන් ඉන්ටෙලිජන්ට් එකක් තියෙනවා කියලා තමයි. දවස ගා​ණේ Youper ඇප් එකෙන් අපෙන් ප්‍රශ්න අහලා යම් කිසි තක්සේරුවකට එනවා අපේ මෙන්ටල් හෙල්ත් එක ගැන. ඊට පස්සේ ඒක සමබරව පවත්වාගෙන යන්න අපිට සැලසුම් හදලා දෙනවා.

4. Simple Habit Meditation

ඔය අපේ පුරුදු කියලා අපි කියන්නේ, ආන්න ඒවා ඇත්තටම ගොඩක් වෙලාවට බැලූ බැල්මට සරලයි. උදාහරණයක් විදියට කිව්වොත්, උදෑසනම අවදි වීම කියන්නේ සංකීර්ණ දෙයක් නෙවෙයිනේ. බොහොම සරල පුරුද්දක්. හැබැයි ඒ පුරුද්දෙන් අපේ දවසම ප්‍රබෝධවත් කරගන්න, අපේ වැඩ කටයුතු කාර්යක්ෂමව කරගන්න ඉඩ ලබාදෙනවා. එතකොට මේ Simple Habit Meditation ඇප් එකෙන් කරන්නේ, අන්න ඒ වගේ අපේ ජීවිතේ පුරුදු, හැසිරීම් වෙනස් කරගන්න, වැඩිවර්ධනය කරගන්න භාවනාවෙන් උපකාරයක් ලබාදෙන එක. භාවනාව කිව්වහම ඔය සුදු රෙද්දක් ඇඳගෙන පලක් බැඳගෙන භාවනා කිරීම විතරක් නෙවෙයි. අපිට එදිනෙදා වැඩ කරන ගමනුත් භාවනා කරන්න පුළුවන්. ආන්න ඒ විදියට අපේ චර්යාවන් සහ දෛනික පුරුදු වැඩිදියුණු කරගන්න සරලව භාවනාව උපයෝගී කරගන්න විදිය තමයි Simple Habit Meditation ඇප් එකෙන් කියලා දෙන්නේ.

5. Personality Development App

ඇත්තටම මේ ඇප් එකේ නමෙන්ම කියවෙනවා මොකද්ද ඒකෙන් කරන්නේ කියලා. අපේ පෞරුෂත්වය දියුණු කිරීම තමයි මේ ඇප් එකේ ටාගට් එක. එතනදී විශේෂයෙන්ම පෞරුෂත්ව වර්ධනය ගැන එක්ස්පර්ට්ලාගේ අදහස්, ටිප්ස් අපිත් එක්ක ෂෙයාර් කරගැනීම, යම් යම් පුහුණු කිරීම් වගේ දේවල් සිද්ධ කෙරෙනවා. අපිට දියුණු වෙන්න හැබෑ අවශ්‍යතාවයක් තියෙනවා නම්, මේ ඇප් එකේ මගපෙන්වීමෙන් අපිට අපේ පෞරුෂත්වය හිතාගන්න බැරි විදියට වර්ධනය කරගන්න පුළුවන්. ඇත්තටම අපේ අනාගත සංවර්ධනයට අතිශයින්ම වැදගත් කාරණයක්නේ හොඳ පෞරුෂත්වයක් තියෙන එක. ආන්න ඒක තමයි මෙතනින් සිද්ධ වෙන්නේ. ඒ වගේම මේ ඇප් එකේ තියෙන රියල් ලයිෆ් සමීක්ෂණ වලිනුත් අපේ පෞරුෂත්වය කොහොමද වර්ධනය කරගන්න ඕන කියන එකට හොඳ ෆෝකස් එකක් ලබාදෙනවා.

6. Sintelly – Psychology & Emotional Intelligence

ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන්නේ මොකද්ද කියලා අහලා තියෙනවද? සාමාන්‍යයෙන් ඉන්ටෙලිජන්ට් කියලා කියන්නේ බුද්ධිමත් කියන එකනේ. ඉමෝෂනල් ඉන්ජෙලිජන්ස් කියන්නේ තමන්ගේ චෛතසික ස්වභාවයන්, හැඟීම් දැනීම් තේරුම් ගන්න, හසුරුවා ගන්න, හාවිතා කරන්න සහ කළමනාකරණය කරන්න තියෙන හැකියාව. එතනදී අනික් මිනිස්සුන්ගේ හැඟීම් දැනීම් සහ චෛතසික ස්වභාවයන් තේරුම් ගන්න පුළුවන් හැකියාවත් ඒකටම ඇතුළත් වෙනවා. දැන් එතකොට මේ ඇප් එකෙන් කරන්නේ අපේ ඉමෝෂනල් ඉන්ජෙලිජන්ස් එක, චෛතසික මට්ටම දියුණු කිරීම, අපට අලුතෙන් දැනුමක් ලබාදීම සහ අපේ හැකියාවන් වැඩි වර්ධනය කිරීම වගේ දේවල්. මේකෙදී අපිට කියවන්න පොඩි පොඩි ආටිකල් තියෙනවා. අපිට කරන්න පොඩි පොඩි ටෙස්ට් එහෙම තියෙනවා. ඒ වගේම, අනික් අය මේ ගැන කියන දේවල් අහන්න, අපේ අදහස් ෂෙයාර් කරගන්න ඉඩ කඩ එහෙමත් තියෙනවා.

7. Gratitude Journal

මේක ඇත්තටම වෙනස්ම පාරකින් අපිව වැඩිවර්ධනය කරගන්න, අපිට අපිවම ගොඩනගාගන්න උදවු කරන ඇප් එකක් කියන්න පුළුවන්. මේ Gratitude Journal ඇප් එක නිර්මාණය කරලා තියෙන්නේම දිනපතා ජර්නල් එකක් විදියට පාවිච්චි කරන්න. අපිට එතකොට දවස අවසානයේ සිද්ධ වුණු දේවල් මේකේ වාර්තා විදියට තියාගන්න පුළුවන්. හැබැයි මේ Gratitude Journal ඇප් එකෙන් කෙරෙන කාර්යය එතනින් නවතින්නේ නෑ. මේ ඇප් එක අපිත් නොදැනුවත්වම අපිට ක්‍රම ක්‍රමයෙන් කියලා දෙනවා අපේ ජීවිතේ තීයෙන දේවල් වලට අපි කෘතඥ වෙන්නේ කොහොමද කියන එක. ඒ ඔස්සේ අපේ ආත්ම විශ්වාසය ගොඩනගාගන්නේ කියන එක. ඒ වගේම අපේ ජීවිතේ සතුට හොයාගන්නේ කියන එක. මේක අපේම අත්දැකීම් අනුසාරයෙන් ජීවිතේ වෙනසක් හොයාගන්න උදවු වෙන ඇප් එකක් කියලා කිව්වත් නිවැරදියි.

ඇත්තටම ඇප්ස්ටෝර් එකකට ගිහින් බලනකොට අපිට හිතාගන්න බැරි තරම් විශාල ප්‍රමාණයක් Self help ඇප්ස් තියෙනවා. ඒකෙන්ම තේරෙනවනේ මිනිස්සුන්ට ඒක කොයි තරම් අවශ්‍යතාවයක්ද කියන එක. හැබැයි ඉතින් මේ self help ඇප්ස් සීයක් ස්මාට්ෆෝන් එකේ පුරවගෙන හිටියත් ඇති වැඩක් වෙන්නෙ නෑ, තමන්ට ඒ ගැන සැබෑ වුවමනාවක් නැති නම්. ඒ නිසා, තමන්ට තමන්ව ගොඩනගා ගන්න, දියුණු කරගන්න, වැඩි වර්ධනය කරගන්න ඕන නම්, අපිත් සක්‍රීයව ඒකට කටයුතු කරන්න ඕන. මේ ඇප්ස් වලින් කරන්නේ ඒවලට මග පෙන්වන එක, අවශ්‍ය මෙවලම් ලබාදෙන එක විතරයි.