කොවිඩ් වැළඳුනු තරුණියක් සමඟ සෞඛ්‍ය සේවකයෙක් සෙල්ෆි ගහලා !

කොරෝනා ආසාදිත තරුණියක් සමග සෙල්ෆි ඡායාරූප ගත් සෞඛ්‍ය අංශ සේවකයකුට දින 14ක් නිරෝධායනය වීමට සිදුවීමේ පුවතක් මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනයකින් වාර්තා වේ.

රත්නපුර අධි අවදානම් - පැත්තක් ලොක්ඩවුන් !

කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් රත්නපුර නගරය අධි අවදානම තත්වයට පත්ව ඇතැයි පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සඳහන් කරයි.

ඊයේ දිනයේ රැස්වූ එම දිස්ත්‍රික් කොරෝනා වෛරස මර්ධන කමිටුව තීරණය කරන ලද්දේ රත්නපුර කුඩුගල්වත්ත ප්‍රදේශය තාවකාලිකව වසා දැමීමටයි.

‘ඉන්ටනෙට් නොමිලේ දියවු’ – ජවිපෙ විරෝධතා

දරුවන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් සමව ලබා දෙන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ පුත්තලම නගරයේ විරෝධතාවයක (16) වන දින නිරත වූහ.

පුත්තලම කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට පැවති මෙම විරෝධතාවය සදහා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් එක්ව සිටි අතර, පැයකට ආසන්න කාලයක්  පෝස්ටර්, බැනර්, කටවුට් ඔසවමින් නිහඩ විරෝධතාවයක නිරත විය.

රෝහලේ ප්‍රතිකාර ලබන සැමියාගේ සාත්තුවට සිටි බිරිඳට කොවිඩ්

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 56 වාට්ටුවේ නේවාසිකව ප්‍රථිකාර ලැබු රෝගියකු ළග සාත්තුවට සිටි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

කොවිඩ් නිසා තවත් එලවලු වෙළඳපොළක් සහ මාලු වෙළඳ සංකීර්ණයක් වසා දමයි

යාපනය සංගානෙයි ප්‍රදේශයෙන් කොවීඩ් 19 වෛරසය ආසාදිතයින් පිරිසක් හමුවීමත් සමග සංගානෙයි එලවලු වෙළඳපොල සහ මාලු වෙළඳ සංකීරණය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගෙන ඇත.

තවත් කොරෝනා පොකුරු මතුවීමේ අවදානමක්! ස්පා පොකුරු හා කාමර පොකුරු ගැන රතු එළියක්

නීතිවිරෝධී අන්දමින් ස්පා ආයතන පවත්වාගෙන යාම හා තාවකාලික කාමර සේවාවන් සැපයීම හේතුවෙන් ඉදිරියේදී ස්පා පොකුරු හා කාමර පොකුරු මතුවීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පවසයි.

කොරෝනා නිසා භූමදානය කළ මුගටියෝ භූගත ජලයට එක් වෙයි - දරුණු අනතුරු ඇඟවීමක්

කොරෝනා වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා ඩෙන්මාර්කයේ වළලනු ලැබූ මිලියන ගණනක් මියගිය මින්ක් සතුන් හරහා භූගත ජලය අපවිත්‍ර වී ඇති බව නිල අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

රුසියානු මිසයිල පද්ධතිය මිලදී ගත් තුර්කියට සම්බාධක

රුසියානු මිසයිල ආරක්ෂණ පද්ධතියක් මිලදී ගැනීම හේතුවෙන් තුර්කියට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය විසින් සම්බාධක පනවා තිබේ.
 
 තුර්කිය විසින් පසුගිය වසරේදී රුසියානු - 400 මිසයිල ආරක්ෂණ පද්ධතියක් මිලදී ගන්නා ලදී. මෙම සම්බාධක පැනවීම තුර්කිය හා රුසියාව විසින් හෙළාදැක තිබේ.

වසර පනස් ගණනක් තිස්සේ තරුණියන් දහස් ගණනක් අපයෝජනය කළ විලාසිතා නිර්මාණකරු පීටර් නිගාර්ඞ් අත්අඩංගුවට

ලොව ප‍්‍රධාන පෙළේ විලාසිතා නිර්මාණකරුවකු වන පීටර් නිගාර්ඞ් දශක ගණනාවක් තිස්සේ කාන්තාවන් හා බාල වයස්කාර දැරියන් දහස් ගණනකට ලිංගික අපචාර සිදු කිරීම හා එවැනි කටයුතු වලට යෙදවීම, ලිංගික ජාවාරම් කටයුතු ආදී චෝදනා රැසක් මත කැනඩාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සෑම පවුලකින්ම එක් අයෙකුට කොවිඩ් පරීක්ෂණ

සෑම පවුලකම එක් සාමාජිකයකු බැගින් පී.සී.ආර්. හෝ ඇන්ටිජන් පරීක්ෂණවලට යොමුකර කොවිඩ් රෝගීන් ඇති තැන් හඳුනාගෙන අනෙක් නිවාස හුදකලා බවින් මුදාහැරීමේ ඉක්මන් ක්‍රමවේදයක් ආරම්භ කර ඇත.

මහල් නිවාස දහයක් හුදකලා බවින් මුදාහැරීමට ආරම්භ කළ ක්‍රමවේදය කඩිනම් කරමින් මෙම පියවර ගෙන ඇත.

ප්‍රථම වරට පැවැත් වූ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ප්‍රථම ශූරතාවය යාපනය දිනා ගනී

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සති ගණනක් පුරාවට පැවැත් වූ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ප්‍රථම ශූරතාවය දිනාගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් විය.

උත්සව සමයේ සෑම පවුලකටම සහන පොළියට ණය !

නත්තල් සහ නව අවුරුදු උත්සව සමයේ විවිධ අවශ්‍යතා සපුරා ගැනීම පිණිස සෑම පවුලකටම සහන පොළියට ණය ලබාදීමට රජය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කර ඇත්තේ, කාණ්ඩ තුනක් යටතේ මෙම ණය පහසුකම් ලබා දෙන බවයි.

සේනා මර්දනයට හෙට සිට රසායනිකයක් !

බඩ ඉරිඟු වගාවේ පැතිර යන සේනා දළඹු හානිය මර්දනය කිරීම සඳහා මෙරටට ආනයනය කළ ජෛව රසායනිකය සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඉන්දීය ධීවරයින් උතුරු මුහුද ආක්‍රමණය කරයි.. මෙරට ධීවරයින්ට දැඩි පීඩා !

ඉන්දීය ධීවරයින්ගේ ට්‍රෝලර් යාත්‍රා විශාල වශයෙන් මුලතිව් මුහුදු වෙරලට පැමිණ ධීවරන්ගේ දැල්ආම්පන්න විනාශ කරමින් බාධා සිදුකරන බව පවසමින් මුලතිව්හි ධීවරයින් විශාල පරිසක් උද්ඝෝෂණයක නිරත වූහ.

වැලිසර ළය රෝහලින් පැන ගිය කොවිඩ් ආසාදිතයාගේ ඡායාරූප මාධ්‍යයට

වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු පලා ගොස් තිබෙනවා.

ව්‍යාජ ලේඛන රෝහලට ලබාදීම හේතුවෙන් එම පුද්ගලයාට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

 වැලිසර ළය රෝහලෙන් පළා ගිය කොවිඩ් ආසාදිතයාගේ ඡායාරුප මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

පුද්ගලික රෝහලකදී කොරෝනා රෝගියෙකු මිය යයි

තවත් කොරෝනා ආසාදිතයන් තුන්දෙනකු මරණයට පත්වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වාර්තා කරයි.

ඒ සමග මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 157 දක්වා ඉහල යයි.

ඉදිරි මාස 6 තුළ කොරෝනා බරපතළ ලෙස පැතිරෙනවා - මයික්‍රෝසෝෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස්

ඉදිරි මාස 6 තුළ කොරෝනා වසංගතය බරපතළ ලෙස පැතිරෙන බව මයික්‍රෝසොෆ්ට් නායක බිල්ගේට්ස් පවසයි.

මෙලෙස කොරෝනා පැතිරීමෙන් තවත් 200,000 කට අධික පිරිසක් මිය යන බව ද ඔහු පළ කළේය. මේ වනවිට ඇමෙරිකාව තුළ 290,000 ක් මියගොස් ඇත.

චීන ජාතිකයන් මිලියන 2 ක් ලොව සමාගම් රැසක සේවය කරනවා - ඔස්ටේ‍්‍රයානු මාධ්‍ය හෙළි කරයි

මිලියන දෙකකට අධික චීන ජාතිකයන් ලොව සමාගම් රැසක සේවය කරන බව ඔස්ටේ‍්‍රලියානු මාධ්‍ය හෙළි කර ඇත.

බොයින්, වොක්ස්වැගන්, ෆයිසර් වැනි දැවැන්ත සමාගම්වල සේවය කරන මෙම චීන ජාතිකයන් ගැන හෙළි වී ඇත්තේ මුල්වරටය.

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැනේ !

 
කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදයක් බි‍්‍රතාන්‍යයෙන් හඳුනාගෙන තිබෙනවා. එම වෛරස් ප‍්‍රභේදය ජනතාව අතර සීග‍්‍රයෙන් ව්‍යාප්ත වන බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ.

විභාග නැති නිසා සිසුන් සම්බන්ධව ගත් තීරණය

 
මෙම වසරේ දී විෂය නිර්දේශ ආවරණය කරමින් වාර විභාග පවත්වා සිසුන්ගේ අධ්‍යාපන මට්ටම් පරීක්ෂා කිරීමට නොහැකි වුවද සියලුම සිසුන් ලබන වසරේ (2021) දී නව පන්තිවලට උසස් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කන්ජිපානිට PCR ලියූ දොස්තර අමාරුවේ !

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් ‘කංජිපානි ඉම්රාන්’ ට PCR පරීක්ෂණයක් සිදු කිරීමට නිර්දේශ කරන ලද වෛද්‍යවරයා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පරීක්ෂණයක් පැවැත්වීමට සූදානම්වන බව වාර්තා වේ.

කුණු කඳුවල පොලිතින් තාර වලට හරවා 'මහමාර්ගවලට' අතුරනවාලු

බස්නාහිර පළාතේ විශාල කුණු කඳු විසිඑකක් නිර්මාණයට හේතු වූ භාවිතයට ගත නොහැකි අපිරිසුදු පොලිතීන් තාර බවට පරිවර්තනය කරමින් ඉදිරි වසර කීපය තුළ දී මහා මාර්ගයට යෙදීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇතැයි බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂ නලින් මාන්නප්පෙරුම මහතා පැවසීය.

මියගිය මුස්ලිම් කතට කොවිඩ් බව කීවැයි මරණ පරීක්ෂකට මරන තර්ජන

මග්ගොන ප්‍රදේශයේ මියගිය අසූ හැවිරිදි මුස්ලිම් කාන්තාවකට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව අන්තවාදී යැයි කියන මුස්ලිම් ජාතිකයන් කිහිපදෙනකු මග්ගොන ප්‍රදේශය භාර හදිසි මරණ පරීක්ෂක මොහොමඩ් නෆීර් මොහොමඩ් නස්රිට මරණ තර්ජන එල්ල කර තිබේ.

කොරෝනා රෝගියෙක් වැලිසරින් පැන යයි.. පොලිසිය පසුපස පන්නයි

කොරෝනා වෛරසය ආසාදිත රෝගියෙකු වැලිසර ළය රෝහලේ පළාගොස් තිබේ.

වයස අවුරුදු 43 ක් වූ මෙම පුද්ගලයා එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී සිදු කරන ලද පරීක්‍ෂණයකින් හෙළිව ඇත්තේ කොරෝනා ආසාදිතයෙකු බවයි.

මාරක අනතුරෙන් මව සහ පුතු මරුට - 8ක් දැලේ, 03ක් පැනලා !

අනුරාධපුර පාදෙණිය මාර්ගයේ පහල බලල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක සහ ඇගේ වයස අවුරුදු 3 හමාරක් පමණ වන කුඩා දරුවා මියගොස් ඇති බව මහව පොලිසිය සඳහන් කරයි.

මව සිය දරුවාද සමග මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී අනුරාධපුර දෙස සිටි පැමිණි කැබ් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

ජනාධිපති ට්‍රම්ප් හා ඔහුගේ කාර්ය මණ්‌ඩලය පළමුව ෆයිසර් විද ගැනීම මගහරිති

ඇමරිකා එක්සත් ජනපදයේ හදිසි අවස්ථාවකදී භාවිතය සඳහා අනුමැතිය දී ඇති ෆයිසර් /බයොන්ටෙක් කොරෝනා මර්දන එන්නත කලින් සැලසුම් කර තිබූ පරිදි තමා ද ඇතුළු ධවල මන්දිරයේ කාර්ය මණ්ඩලය වෙත පළමු වටයේදී ලබා නොදෙන ලෙස ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් බලධාරීන් වෙත දැනුම් දී තිබේ. මේ වන විට ඇමරිකාවේ ප‍්‍රාන්ත වෙත ප‍්‍රවාහනය කර ඇති ෆයිසර් බයොන්ටෙක් එන්නත් මාත‍්‍රා ඇමරිකානුවන්ට එන්නත් කිරීමේදී පළමුව ලබා දෙන කණ්ඩායමට ජනාධිපති ට‍්‍රම්ප් ඇතුළු ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන් අයත් වන බවට රජයේ නිලධාරීන් විසින් ඉකුත් සතියේ ප‍්‍රකාශ කර තිබිණි.

ලිංගික ශ‍්‍රමිකයකුට හිරිහැර කළ අයකුට ලක්ෂ ගණනක වන්දියක් ගෙවීමට නියෝග

තමාට ලිංගික හිරිහැර සිදු කළ බවට නවසීලන්තයේ ලිංගික ශ‍්‍රමික කාන්තාවක් විසින් එරට ව්‍යාපාරිකයකුට එරෙහිව පනවා තිබූ නඩුවකදී අදාළ කාන්තාවට ලක්ෂ ගණනක මුදල් වන්දියක් ගෙවන ලෙසට එරට අධිකරණය විසින් චූදිතයාට නියෝග කර තිබේ. නඩුව පැවරු ලිංගික ශ‍්‍රමික කාන්තාවට මානසිකව හානි සිදු කිරීම හා ඇය විසින් ඉපයූ ආදායම් අහිමි කිරීම යන තත්ත්වයන් යටතේ

එංගලන්ත සෞඛ්‍ය සේවයෙන් මිලදී ගත් කොරෝනා ආරක්ෂිත ගවුම් මිලියන ගණනක් අපතේ

පළමු කොරෝනා වසංගත රැල්ල පැවති සමයේ වසා දමා තිබූ එංගලන්තය නැවත විවෘත කිරීමෙන් පසු එරට ජාතික සෞඛ්‍ය සේවයට මිලදී ගත් ස්ටලින් පවුම් මිලියන 122ක් වටිනා වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා පළඳින ආරක්ෂිත ගවුම් මිලියන ගණනක තොගයක් මෙතෙක් භාවිතයට නොගෙන පසෙකට දමා ඇති බව අනාවරණය වී තිබේ.

හවුලේ උපකරණ භාවිත කළ සේවකයන්ට කොවිඩ්

කාර්යාල සහ වැඩබිම්වල සේවකයන් හවුලේ භාවිත කරන ඇතැම් උපකරණ නිසා කොවිඩ් – 19 ආසාදිතයින් බිහි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය අජිත් රෝහණ පැවසීය.

පාසල් සිසුවියන් සිව්දෙනෙකු හදිසියේම අසනීප වෙයි

හබරාදූව ලණුමෝදර ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුවියන් සිව්දෙනෙකු හදිසියේම අසනීපවීම හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

හබරාදූව පොලීසිය පැවසුවේ එම සිසුවියන් පානය කළ ජලයට ටිනර් මිශ්‍රවීමෙන් මෙලෙස රෝගී වී ඇති බවයි.

මංගල උත්සවයකට සහභාගි වූ දසදෙනෙකුට කොරෝනා !

අලුත්ගම ඉදුරුව තුන්දූව ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගි වූ පුද්ගලයින් පිරිසකට ඇතුළුව දසදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

කොරෝනා අවදානම ඉහළ යයි - ආසාධිතයන් ගණන 33,000 ඉක්මවද්දී මරණ 154ක් වෙයි

තවත් කොරෝනා මරණ 02 ක් මෙරටින් වාර්තා වී තිබෙනවා.

බණ්ඩාරගම ප‍්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක් සහ කොළඹ 14 ප‍්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි වියේ පසුවූ පිරිමි පුද්ගලයෙක් එලෙස මියගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත්තේ.

එළවළු සහ පළතුරු මිල පාලනයට නව වැඩපිළිවෙලක් !

අසාධාරණ ලෙස එළවළු හා පළතුරු මිල ඉහළ යාම පාලනයට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු ඊට සම්බන්ධ සියලු ආයතනවලට උපදෙස් ලබා දී තිබේ.

කිතුල් ගහට නැග්ග මිනිහ ගොඩ !

මෙරට ප්‍රදාන වැවිලි බෝගයක් ලෙස කිතුල් නන්වාලීමේ වැපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවදානය  යොමුව තිබෙනවා . කිතුල් ආශිත නිෂ්පාදන සදහා දේශීය මෙන්ම විදේශීය වෙළඳ පොළ තුල හොද  ඉල්ලුමක් නිර්මාණය වෙමින් පවතින බවත්  ඒම නිසා කිතුල් වෙනුවෙන් වෙනම ම අමාතථයංශයක් පිහිටුවීමටත්  තීරනය කොට තිබෙනවා . අද වන  විට  කිතුල් කර්මාන්තයෙන් ජීවිකාව සරිකර ගන්නා පවුල් බොහොමයක් දක්නට ලැබෙනවා .

කෝට්ටේ කුණු අදින්න 60ට 160ක් අයවැයෙන් වෙන් කරලා !

කෝට්ටේ මහ නගර සභාවට අයත් වර්ග කිලෝමීටර් නවයක කසළ ඇදීම මසකට රුපියල් ලක්‍ෂ 60 කින් කළ හැකි බව හිටපු නාගරික කොමසාරිස්වරිය ප්‍රකාශකර තිබියදී ඒ සඳහා මෙවර (2021) අයවැය ලේඛනයෙන් රුපියල් ලක්‍ෂ 160 කට ආසන්න මුදලක් වෙන් කර ඇති බව එක්සත් සංවර්ධන පෙරමුණේ සභාපති ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා කියයි.

රැඳවියන්ටත් වීඩියෝ කෝල්ස් ගන්න අවස්ථාවක් !

බන්ධනාගාර ගත රැඳවියන්හට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිය පවුලේ සාමාජිකයින් ඇමතීමට අවස්ථාව අද (15) සිට හිමි වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බන්ධනාගාර තුළ ස්ථාපිත කරන ලද විශේෂ වීඩියෝ තාක්ෂණ මැදිරිවල සිට එම රැඳවියන්හට අදාළ ඇමතුම් ලබා ගැනීමේ පහසුකම් සලසන බව ඔවුන් පවසයි.

වාහන අංක තහඩුවෙන් පළාත අයින් කරන්න කැබිනට් අනුමැතිය

වාහන අංක තහඩු නිකුත් කිරීමේදී පළාත් අක්ෂර ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

පළාත් අතර වාහන හිමිකම් පැවරීම් සිදුකිරීමේදී සෑම අවස්ථාවකදීම අංක තහඩු වෙනස් කිරීමට සිදු වීම හේතුවෙන් සේවාලාභීන්ට මෙන්ම මෝටර් රථ දෙපාර්තමේන්තුවට ද