ඇඳිරි නීතිය කැඩූ එජාප මන්ත්‍රීට වෙච්ච දේ මෙන්න

නාවික හමුදාවේ රාජකාරියට බාධා කළ බව කියන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරයකු ආරච්චිකට්ටුව පොලිසිය විසින් පසුගිය 28 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ කරුකුපනේ කොට්ඨාසයේ නියෝජනය කරන මන්ත්‍රිවරයාවය.

දිල්ලියේ මුස්ලිම් ආගමික සමුළුවකට සහභාගි වූ 2000කට අධික පිරිසකට වෙච්ච දේ !

මැලේසියාව, ඉන්දුනීසියාව, සෞදි අරාබිය සහ කිරිගිස්ථානය ආදී රටවල නියෝජිතයන් සමඟ නවදිල්ලියේ නිසමුද්දීන් ප්‍රදේශයේ පැවති මුස්ලිම් ආගමික සමුළුවකට සහභාගි වූ 2000කට අධික පිරිසක් නිරෝධායනය කිරීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඇමෙරිකාවේ කොරෝනා මරණ ලක්‍ෂය පනීවි ට්‍රම්ප් කියයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා වයිරස ආසාදනයෙන් සිදුවන මරණ ගණන ලක්‍ෂය හෝ ඊට වැඩි විය හැකි බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය ඉරිදා පළමු වතාවට පිළිගත්තේය. යම් හෙයකින් මරණ ගණන ලක්‍ෂයකට අඩුවෙන් තබාගත හැකි වුවහොත් එය සැවොම එක්වී සිදුකළ විශිෂ්ට කාර්යයක් ලෙස සැලකිය හැකි බවද ජනපති ට්‍රම්ප් පැවැසීය.

කොරෝනා නිසා ආහාර හිඟයක් ගැන අනතුරු ඇඟවීම්

නව කොරෝනා වසංගතය නිසා ලෝකයේ බිලියන ගණනක් ජනතාව වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ ව්‍යසනයකට, තර්ජනයකට, අර්බුදයකට  මුහුණ පා සිටින බව රහසක් නොවේ. සඳුදා (30දා) මෙම සටහන ලියන අවස්ථාව වනවිට පළ වී තිබූ සංඛ්‍යාලේඛනවලට අනුව හත් ලක්‍ෂ විසිපන් දහසකට ආසන්න ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී තිබූ අතර 34,000කට ආසන්න පිරිසක් මරණයට පත්ව සිටියහ. වයිරසය නිසා මතුව ඇති සෞඛ්‍ය තර්ජනය ගැන ඒ ආකාරයෙන් වාර්තා පළවෙද්දී තවත් අංශ රැසක අර්බුද හිස ඔසවමින් ඇති බව ද රහසක් නොවේ.

කොළඹ මිනිස්සුන්ට හිර ගෙදරින් නොමිලේ පාන් 10,000ක්

ඇඳිරි නීතිය හේතුවෙන් නිවෙස්වලින් පිටතට යෑමට නොහැකිව සිටින කොළඹ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් පාන් රාත්තල් දස දහසක් දිනපතා නොමිලයේ බෙදාදීමේ වැඩපිළිවෙළක් වැලිකඩ බන්ධනාගාරය හා ඇවන්ගාඩ් සමූහය එක්ව ක්‍රියාත්මක කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පැවැසීය.

හෙට සිට සතියක් රෑ 7 සිට 8 දක්වා පිරිත් කියන්න

කොරෝනා හෙවත් කොවිඩ් - 19 වයිරසය රට තුළ ව්‍යාප්තවීම නිසා උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව බලවත් සංවේගයටත් කනස්සල්ලටත් පත්ව සිටින බවත් රට පුරා ජනතාවට ආශීර්වාදය පිණිස හෙට (1වැනිදා) සිට අප්‍රේල් 7 වැනිදා දක්වා දිනපතා රාත්‍රි 7.00 සිට රාත්‍රි 8.00 දක්වා ඝණ්ටාර නාද කර පිරිත් දේශනා කොට සත්‍යක්‍රියාව කරන ලෙසත් තෛ්‍රනිකායික මහ නාහිමිවරු ඇතුළු මහා සංඝරත්නය, සමස්ත මහජනතාව වෙත නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීමක් කර සිටිති.

පරිප්පු හැංගුවොත් මාස 6කට හිරේ !

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ පාරිභෝගික පැමිණිලි 2200ක් ලැබී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

වැඩිම පැමිණිලි ලැබි ඇත්තේ වැඩි මිලට භාණ්ඩ විකිණිම යටතේය.

කොරෝනා මඩින්න මුරලි, සංගා හා මහේල දායක වෙයි

ලොව බිහිවු සුපිරි දඟපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 05ක් ලබා දී තිබේ.

කොරෝනා අස්සේ මැකෝ ගේ නිවස හොරු පැනලා

මැතිවරණ කොම්සමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ පිහිටි නිවස සොරුන් බිඳ අතැයි අම්බලන්ගොඩ පොලීසිය පැවසුවා.

නිවසේ ඉදිරිපිට දොර විවෘතව ඇතැයි අසල්වාසියකුගේ දැනුම්දීමකට අනුව සොයා බැලීමකදී සොරුන් බිඳ ඇති බව අනාවරණය වී තිබෙනවා.

කොරෝනා අස්සේ Data වංචාවක් !

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

COVID-19 සම්බන්ධයෙන් නිර්මාණය කර ඇති ජංගම දුරකථන යෙදුම් / වෙබ් අඩවි / පරිගණක මෘදුකාංග භාවිතයේදී ප්‍රවේසම් වන්න

තෑපැලෙන් ඖෂධ බෙදා දීම රට පුරා අද සිට ඇරඹේ - සායන වලින් නිකුත් කරනා බෙහෙත් බෙදා දීම නොමිලයේ

සායන සඳහා ලියාපදිංචි රෝගීන් වෙනුවෙන් රජයේ රෝහල් විසින් නිකුත් කෙරෙන ඖෂධ රෝගීන්ගේ නිවෙසටම ගොස් ලබාදීමේ සේවාව අද සිට රට පුරා ව්‍යාප්ත කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

කොළඹ සහ අවට ප‍්‍රදේශවලද ඊයේ සිට මෙම සේවා සැපයෙන බවයි මෙහිදී සිහිපත් කෙරුණේ.

විශ්‍රාම වැටුප් ගෙවීම ගැන ගත්ත තීරණය මෙන්න

අප්‍රේල් මස 2 සහ 3 දිනවල විශ්‍රාම වැටුප් ගෙවීමට ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකා රැස්වීමේදී ඊයේ තීරණය කෙරුණා.

මෙම දිනවලදී ගෙවීම් ලබා ගැනීමට නොහැකි වන විශ්‍රාමිකයින්ට අප්‍රේල් 6 වන දා ඒ සඳහා අවස්ථාව පවතිනවා.

ආර්ථික අර්බුදය හේතුවෙන් සියදිවි හානිකරගත් මුදල් අමාත්‍යවරයා

ජර්මනියේ හෙසෙයි ප්‍රාන්ත මුදල් අමාත්‍යවරයා සියදිවි හානිකර ගෙන තිබෙනවා.

ඇදිරි නීතිය අස්සේ වැඩි ගානට නිවෙස් වලටම කසිප්පු හා ගංජා බෙදලා !

ඇඳිරිනීතිය පනවා ඇති කාලයේ නිවෙස් වලින් පිටතට පැමිණීමට නොහැකි පිරිස් සදහා නිවසටම කසිප්පු හා ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වු පුද්ගලයන් දෙදෙනෙකු හම්බන්තොට හා වලස්මුල්ල පොලිස් වසම් වලදි පෙරේදා (28) සවස අත්අඩංගුවට ගැනීමට මාතර හම්බන්තොට දිසා වැටලිම් ඒකකයේ නිළධාරීන් සමත් වී තිබේ.

චීනයේ ආසාදිත 81,439න් 75,448ක් සුවවී ගෙදර යයි

චීනයේ කොවිඩ්-19 ආසාදිතයන් 81,439න් රෝගීන් 75,448ක්ම මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව චීන සෞඛ්‍ය කොමිසම පවසයි.

ගෙවීගිය දිනයේ චීනයෙන් කොවිඩ්-19 මරණ 5ක් සමග නව ආසාදිතයන් 45ක් වාර්තා වුවත්, ඉන් 44 දෙනෙකුම විදෙස්ගතව යළි චීනයට පැමිණි අය බවද සඳහන් වෙයි. ඒ අනුව චීනයෙන් මේ වනවිට වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 3,300කි.

ඉතාලියේ මරණ සංඛ්‍යාවේ අඩුවක් !

කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා  පසුගිය පැය 24 තුළ ඉතාලියේ මරණ 756ක් වාර්තා වී ඇති එය එරට මරණ සංඛ්‍යාවේ පහළ යාමකි. මේ වන විට ලෝකයේ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට වන්නේ ඉතාලියයි. එරට මරණ සංඛ්‍යාව 10779කි.

කැනඩාවේ අගමැති බිරිඳ සම්පූර්ණයෙන් සුවය ලබයි

කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝගේ බිරිඳ වන සොෆී ග්‍රෙගෝයර් ටෘඩෝ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ නිවේදනය තබමින් කියා සිටියේ තමන් කොවිඩ්-19 රෝගයෙන් සම්පූර්ණයෙන් සුවය ලැබූ බවයි.

පාස්කු පූජාවන් අවලංගු කරයි !

කෝවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ අගරදගුරු පදවියේ පාස්කු පූජාවන් අවලංගු කර ඇති අතර හලාවත ඇතුළු අනෙකුත් රදගුරු පදවියන් තුළ පවතින තත්ත්වයන් සැලකිල්ලට ගෙන  දිව්‍යපූජාවන් අත්හිටුවීමට තීරණයක් ගැනීමට සිදුවනු ඇති බවද කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත්හිමිපාණන් ප්‍රකාශ කළහ.

කොරෝනා බල්ලට දමා ඇදිරි නීතිය අස්සේ ඩලස් බරටම ජන්ද වැඩ !

කොරෝනා ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා හැකි තරම් වෙර යොදා ජනතාව නිවෙස් තුළට කර තබන මෙහෙයුම මැද ඒ සියල්ල පයිසෙකටවත් මායිම නොකර කටයුතු කරන දේශපාලකයන් සම්බන්ධයෙන් විටින් විට තොරතුරු වාර්තා විය.

මෙරටට ගුවන් මගීන් රැගෙන ඒමේ තහනම දිගු වෙයි !

ශ්‍රී ලංකාවට සියලු මගී ගුවන් යානා පැමිණීමට පනවා තිබූ තහනම අප්‍රේල් මස 07 වැනිදා තෙක් දීර්ඝ කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ .

මෙම ගුවන් තහනම මාර්තු මස 31 වනදායින් අවසන් වීමට නියමිතව තිබුණි.

ඇඳිරි නීතිය වෙලාවේ පැවති “ලව්වාගේ ෆේස්බුක් සාදය” වටලා 12 ක් අත්අඩංගුවට ගනියි

කලුතර මොරොන්තුඩුව ප්‍රදේශයේ පිය පුතු දෙපලක විසින් සංවිධානය කළ ෆේස්බුක් සාදයක් වැටලීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු කලුතර දිසා දුෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිඛේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 22-42 අතර වියෙහි පසුවන කලුතර මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

අටුළුගම කොරෝනා ආසාධිතයාගේ පියා සහ සහෝදරියත් රෝහල් ගත කරයි

අටුළුගම ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා වයිරසය ආසාදිත යැයි තහවුරු වූ පුද්ගලයාගේ පියා සහ සහෝදරියද  එම  රෝග ලක්ෂණ  පෙන්වීම හේතුවෙන් අද (28) පෙරවරුවේ 1990 සුවසැරිය ගිලන් රථයෙන් කලුතර නාගොඩ මහ රෝහල හරහා පිටත් කල බව බණ්ඩාරගම  සෞ‍බ‍ය වෛද‍්‍ය කාර්යාලය ප්‍රකාශ කරනවා.

කොරෝනා මඩින අරමුදලට අස්ගිරියෙන් ලක්‍ෂ 50ක් !

කොවීඩ් – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂන අරමුදල සදහා අස්ගිරි මහා විහාරික කාරක මහා සංඝ සභාවෙන් රුපියල් මිලියන 5ක් පරිත්‍යාග කිරීම (27) අස්ගිරි මහා විහාර පරිශ්‍රයේදී සිදුවිය.

නිවසේ ගත කරන කාලයේ ගෙවතු වගාවට යොමු වන්නැයි අගමැති ඉල්ලයි

කොරෝනා වසංගතය හමුවේ නිවසේ ගත කරන කාලය තුළ ඉදිරි ආහාර අර්බුදයට මුහුණ දීම වෙනුවෙන් ගෙවතු වගාවට යොමු වෙමින් ප්‍රයෝජනවත් ලෙස ගත කරන්නැයි ද කොරෝනා වසංගතය පාලනය කිරීම වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙලට සහය දෙන්නැයිද අග්‍රමාත්‍යවරයා සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටියි.

ඇඳිරි නීතිය කැඩුවොත් පොලිස් ඇපත් නෑ !

ඇදිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් ඊයේ (27) සිට අත්අඩංගුවට ගන්නා  පුද්ගලයන්ට පොලිස් ඇප ලබා නොදෙන බව  නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අවුරුදු මිලියන ගානක් පරණ ඩයනෝසර බිත්තර 3ක් චීනයෙන් මතුවෙයි

විස්මයජනක අන්දමින් සුරැකී තිබුණු ඩයනෝසර බිත්තර තුනක් චීනයෙන් හමුවී ඇති අතර ඔවුන්ද වත්මන් පක්ෂීන් මෙන්ම බිත්තර රකින සත්ත්ව කොටසක් බව එයින් අනාවරණය වී තිබේ. ජර්මන් පර්යේෂක කණ්ඩායමක් පොසිලකරණය වී තිබුණු එම බත්තරවල ඩයනෝසර කලල වෙත න්‍යුට්‍රෝන අංශු යෙදීමෙන් ඒවා පිළිබඳ අධ්‍යයනයක යෙදුණහ. ඩයනෝසරයන්ගේ පරිණාමික ක්‍රියාවලිය අනුව ඔවුන් එම බිත්තර විවිධ අවස්ථාවලදී දමා ඇති බව මෙන්ම ඒවා රැකීමේදී ඩයනෝසරයන් ක්‍රියාත්මක වී ඇත්තේ වත්මන් පක්ෂීන් හා කිඹුලන් ඔවුන්ගේ බිත්තර රැකීමේදී අනුගමනය කරන පිළිවෙළම බවත් එම අධ්‍යයනයේදී අනාවරණය විය.

ලංකාවේ කොරෝනා හැදුනු 106න් 102කටම වගකියන්නේ පිටරට සබඳතා

මෙරටදී කොරෝනා වයිරසය වැලඳුණ පුද්ගලයන් 106 දෙනාගෙන් හතර දෙනකුට එම වයිරසය ආසාදිත වූයේ කෙසේද යන්න ගැන මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නැතැයි කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය අංශයේ මහාචාර්ය මනෝජ් වීරසිංහ මහතා පැවැසීය.

නිවෙස්වලින් පිටතට යන බි‍්‍රතාන්‍යයන්ට පවුම් 960 ක දඩයක්

නිවෙස් තුළට වී සිටින ලෙසට රජය විසින් සිදුකර ඇති දැනුම්දීම් නොසලකා සිය නිවෙස්වලින් පිටතට පැමිණෙන පුද්ගලයින් සොයා බි‍්‍රතාන්‍ය පොලීසිය දැඩි මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ බි‍්‍රතාන්‍යයට අයත් සියලූ රාජ්‍යයන්හි මාර්ගවලට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බවයි.

ලංකාවේ වගේ නොවෙයි.. සිංගප්පූරුවේ ප්‍රසිද්ධ ස්ථානවල මීටරයක පරතරයක් නොමැතිනම් හිමිවන දඩුවම මෙන්න

ප්‍රසිද්ධ ස්ථානවලදී පුද්ගලයින් දෙදෙනෙකු අතර මීටරයක අවම පරතරය පවත්වා නොගැනිම දඩුවම් ලැබිය හැකි වරදක් බවට සිංගප්පූරු රජය විසින් ප්‍රකාශයටපත් කර තිබේ.

පරිප්පු හංගාගෙන ඉන්න වෙළඳුන් මාස 6 ක් සිරගෙට

රටපුරා කිසිම ආකාරයකින් පරිප්පු හිඟයක් ඇති වීමේ ඉඩක් නොමැති බව පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා පවසනවා.

රූපවාහීනී වැඩසටහනකට එක් වෙමින් ඔහු කියා සිටියේ ,දැනට ලබා දී ඇති පරිප්පු මිල සහනය ටික දිනකින් ඉවත් වී ,යළි මිල වැඩි වෙනු ඇතැ‍යි ඇතැම් වෙළඳුන් අපේක්ෂාවෙන් පසුවන බවයි.

ශ්‍රී ලංකාවේ හිරවී සිටින තම පුරවැසියන් රැගෙන යාමට රුසියාව සහ ස්විට්සර්ලන්තය ගුවන් යානා 3ක් එවයි

ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණ සිටින විදේශිකයින් ගෙන්වා ගැනීම සඳහා රුසියාව සහ ස්විට්සර්ලන්තය අද 27 ගුවන් යානා තුනක් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

මෙම ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණියේ මගීන් රහිතවය. පවත්නා තත්ත්වය මත හෝටල් වල රැඳී සිටින සංචාරකයින් තම රට වලට ගෙන්වා ගැනීම සඳහා මෙසේ ගුවන් යානා එවා තිබේ.

මුඛ ආවරණ නැත්නම් ‘චූං පාන්’ නෑ !

ඇදිරි නිති රෙගුලාසි උල්ලංඝසනය කල හැටන් ප්‍රදේශයේ රියදුරන් රැසකට පොලිසියෙන් අවවාද කර එම රියදුරන්ව පොලිස්භාරයට ගනු ලැබුහ.

නොර්වුඩ් සිට හැටන් දක්වා ධාවනය වු ලොරි රථයක අත්‍යවශ්‍යය සේවා යනුවෙන් දැන්විමක් අලවාගෙන පෞද්ගලික ගමනක යෙදි සිටි රියදුරා සහ ලොරි රථයේ ගමන් ගත් පුද්ගලයෙකු හැටන් පොලිසිය විසින් දැඩි ලෙස අවවාද කර මුදා හරනු ලැබුවා.

කොරෝනා වෛරසය ඉතාලි වෛද්‍යවරු 37ක් බිලි ගනී !

කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය ඉතාලි වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 37 දක්වා ඉහල ගොස් තිබේ.

මේ වනවිට 70000 අධික කොරෝනා වෛරස් අසාධිතයින් ප්‍රමණයක් ඉතාලියෙන් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 7000 ඉක්මවා ඇත.

කොරෝනා වෛරසය නිසා මෙවර IPL සැණකෙළිය නවතින ලකුණු

මෙවර IPL  ක්‍රිකට් තරගාවලිය අවලංගු කිරීමේ අවධානමක් මේ වන විට උද්ගතව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

ඒ,ඉන්දීය රජය විසින් දින 21ක කාලයක් සඳහා සමස්ත ඉන්දියාවම වසා දැමීමට ගෙන ඇති තීරණයත් සමඟයි.

කොරෝනා වෛරසයට බිලි වූ 21හැවිරිදි තරුණියගේ කතාව

කිසිදු සෞඛ්‍ය අවදානමක් නොතිබුණු 21 හැවිරිදි තරුණියක කොරෝනාවෛරසය ආසාදනය වීම හේතුවෙන් මිය ගිය බව බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙයි.

බකිම්හැම්ශයර් ප්‍රාන්තයේ පදිංචි ක්ලෝයි මිඩ්ල්ටන් පසුගිය සතියේ මිය ගිය බව අයගේ පවුලේ ඥාතීහු පවසති.

බඩු ගන්න පෝලිමේ සිටි පුද්ගලයෙකු එකවර ඇදවැටි මියයයි - හේතුව තාමත් හොයනවා

නිවසට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා සතොස පෝලිමේ සිටී පුද්ගලයකු අද 26 දින දහවල් හදිසියේ මියගොස් ඇතැයි කොස්මෝදර පොලීසිය සඳහන් කරනවා.

ඇඳිරි නීතිය ඊයේ 26 දින උදේ 6.00 ට ඉවත් කිරීමෙන් පසු නිවසට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා කොටපොල සතොස වෙළදසැලට පැමිණි පුද්ගලයකු මෙසේ මියගොස් තිබෙනවා.

සුපර්මාර්කට් එකේ එළවළු පලතුරු වලන් කොරෝනා එන්න පුළුවන් - මිලදී ගන්නකොට පරිස්සම් වන්න

සුපිරි වෙළඳසැල් වල තිබෙන එළවළු සහ පලතුරු වලද කොරෝනා වෛරසයට ජීවත් විය හැකි බවට වෛරස අධ්‍යයන විද්‍යාව සම්බන්ධව මහාචාර්යවරයෙක් සඳහන් කරනවා.

වෙනත් කිසිඳු රටකින් වාර්තා නොවූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන අමෙරිකාවෙන්

වෙනත් කිසිඳු රටකින් වාර්තා නොවූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණනක් අමෙරිකාවෙන් හදුනා ගැනේ. 85,000කට අධික ආසාදිතයින් පිරිසක් මෙලෙස හමුවි ඇති අතර ලෝකය පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 24,065 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

යාපනය හැර උතුරට ඇඳිරි නීතිය තාවකාලිකව අවසන්

යාපනය හැර උතුරු පළාතේ සෙසු දිස්ත්‍රික්ක සඳහා මේ වන විට ඇඳිරි නීතිය තාවකාලිකව අවසන් වනවා.

ඒ අනුව පුත්තලම, වවනියාව, මන්නාරම, මුලතිව් හා කිලිනොච්චි යන දිස්ත්‍රික්ක සඳහා මෙම ඇඳිරි නීතිය තාවකාලිකව අවසන් වී තිබෙනවා.

ගතවූ පැය 24 ඇඳිරිනීතිය කඩ කර අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 533ක්

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා 20 වන දින සවස 6 සිට මුළු දිවයිනට පොලිස් ඇඳිරිනීතිය පැනවුවා.

ඊයේ (26) දින උදෑසන 6 සිට අද (27) දින උදෑසන 6 දක්වා පැය 24ක කාලය තුල ඇඳිරිනීතිය කඩ කිරීම් පහත දැක්වේ.

රැඳවියන් නිදහස් කරන්න මහේස්ත්‍රාත්වරයා skype හරහා නියෝග දෙයි

ගාල්ල බන්ධනාගාරයේ සුලු වැරදි මත රඳවාගෙන සිටි රැඳවියන් 18 දෙනෙකු ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවෙල මහතා ඊයේ  (25) නියෝග කළේය.

කොරෝනා වසංගතය: ස්පාඤ්ඤය චීනය අභිබවා යයි

ගෙවී ගිය පැය 24 තුළ ස්පාඤ්ඤය කොරෝනා වෛරස ආසාදිතයන් 738ක් මිය යාමත් සමග එරට සම්පූර්ණ සංඛ්‍යාව 3443ක් දක්වා වැඩි වි තිබෙනවා.

එම සංඛ්‍යාව දෙවැනි වන්නේ මේ වනවිට කොරෝනා වසංගතයෙන් දැඩි පීඩනයකට ලක්වී සිටින ඉතාලියට පමණයි.

අමෙරිකාවට අනතුරු ඇඟවීමක්-ඩොනල්ඩ් ට්‍රම්ප් කට අරී !

කොරෝනා වෛරසයේ මීලඟ කේන්ද්‍රස්ථානය අමෙරිකාව වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනතුරු අඟවා තිබෙනවා.

රට තුළ විශාල වශයෙන් කොරෝනා ආසාදන වේගවත් වීම මීට හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

නෙදර්ලන්තයේ අගමැති සෞඛ්‍ය ඇමතිකම "විපක්ෂයට" දෙයි

පැතිර යන කොරෝනා වසංගතය පාලනය කිරීමට සහාය ලබා ගැනීම සඳහා විපක්ෂ මන්ත්‍රීවරයෙකුට සෞඛ්‍ය අමාත්‍යධූරය ලබා දීමට නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.

ඔහු එරට කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන අතර ,එම පක්ෂය බලයේ සිටින විට සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කලේද එම මන්ත්‍රීවරයායි.

ගායක නලින් පෙරේරාගේ නිවසක් නිරෝධායන කටයුතු සඳහා ලබා දෙයි

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ  නිරෝධායනය කටයුතු සිදුකිරීමට ආරක්ෂක අංශ වෙන්ම සෞඛ්‍ය අංශ විශාල කැපකිරීමක් සිදුකරමින් සිටිනවා. එසේම නිරෝධායන කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය ස්ථාන සොයා ගැනීමට රජය පසුගිය සමයේ විශාල වෙහෙසක් දැරුවා. කෙසේ වෙතත් මේ වන විට සැබෑ ශ්‍රී ලාංකිකයින් ලෙස බොහෝ දෙනා තම යුතුකම් සහ වගකීම් ඉටු කිරීමට ඉදිරිපත්ව සිටිනවා.

වෛද්‍යවරුන් 150ක් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රාජකාරී කරන්න ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙයි !

මේ වනවිට ව්‍යප්ත වෙමින් පවතින කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ මෙන්ම ආරක්ෂක අංශද විශාල කාර්‍යභාරයක් සිදුකරමින් සිටිනවා. එවැනි අවස්ථාවක  බදුල්ල පළාත් මහ රෝහලේ ස්ථාපිත කර ඇති ඌව පළාතේ එකම කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රාජකාරී සදහා එම රෝහලේ වෛද්‍යවරුන් 150 දෙනෙකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිටින බව වාර්තා වනවා.

කොරෝනා අස්සේ එළවළු මාෆියාවක් !

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මාෆියාවෙන් ගොවියන් පාරිභෝගිකයින් පීඩාවට වහාම රජය මැදිහත් වන්න!.

ලොවපුරා ජිවිත විසිදහසක් කොරෝනා වෛරසය බිළි ගනියි

නව කොරෝනා වෛරසයෙන් ලොවපුරා ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව විසිදහස ඉක්මවා තිබෙනවා.

ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත වලට අනුව මේ වන විට ලොවපුරා වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 20,499ක් වන අතර අසාධිතයින් සංඛ්‍යාව 451,355ක්.

ලංකාවෙි කොරෝනා රෝගීන් 10ක් මළැයි ෆේස්බුක් දැමූ බොරුකාරයා රිමාන්ඩ්

කොරෝනා වයිරසයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇතැයි සදහන් කරමින් ෆේස්බුක්හහි අසත්‍ය සටහන් තබා සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කළැයි මාලබේ පුද්ගලික නාවික විද්‍යාලයක පරිපාලන නිලධාරියකු අත්අඩංගුවට ගෙන තිබේ.

දාන මාන නොමැති විහාරස්ථාන ඇත්නම් දැනුම් දෙන්න

කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ මේ වන විට ඇති වී තිබෙන තත්ත්වය හමුවේ දාන මාන පහසුකම් නොමැති, අග හිඟකම් ඇති විහාරස්ථාන ඇත්නම් ඒ සඳහා පහසුකම් සැළසීමට සමස්ථ ලංකා සාසනාරක්ෂක මණ්ඩලය සූදානම්ව සිටින බව දැනුම් දෙනවා.