ලෙඩදාන අලුත් මදුරුවෙක් ලංකාවේ : මදුරු විශේෂ ගණන 154ට නගියි

රෝග වාහකයෙකු විය හැකි බවට සැක කෙරෙන නව මදුරු විශේෂයක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ.

කියුලෙක්ස් (Culex) ගණයට අයත් 'near inful' ලෙස හඳුන්වන මෙම මදුරුවා (Cx.sp near infula) මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් අඹේපුස්ස ප්‍රදේශයෙන් පළමු වරට සොයා ගැනීමට හැකිවූ බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීහු පවසති.