gossip lanka

රත්මලානේ 31 හැවිරිදි වෛද්‍යවරිය කොරෝනාවෙන් මරුට

රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටි  රත්නපුර රෝහලේ සේවය කරන 31 හැවිරිදි තරින්දි දිල්ෂිකා විතානගේ නමැති වෛද්‍යවරියක කොවිඩ් නිව්මෝනියා රෝගී තත්ත්වය හේතුවෙන් පෙරේදා (22) මියගිය බව වාර්තාවේ.

තමන්ට කොරෝනා ආසාදනයවී ඇති බවට කොළඹ පුද්ගලික රෝහලකින් පි.සි.ආර් පරික්ෂණයක් උපයෝගයෙන් දැනගත් පසු ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක පිහිටි කොවිඩ් වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක ඇය ප්‍රතිකාර ලබමින් සිටි අතර රෝග තත්වය උත්සන්න වීම නිසා කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත.

අනතුරුව ඇයට ස්වසන අපහසුතා දිගින් දිගටම පැනනැගුණ අතර ඒ වනවිට පුද්ගලික රෝහල්වල එක්මෝ යන්ත්‍ර වෙනත් රෝගී පුද්ගලයින් වෙත සේවය ලබාදෙමින් සිටි නිසා ගාල්ල කරාපිටිය රජයේ රෝහල වෙත ඇය යොමු කර එහි එක්මෝ යන්ත්‍ර ආධාරයෙන් ප්‍රතිකාර ලබමින් තබා ඇත.

නමුත් පසුව ඇය අවාසනාවන්ත ලෙස කොරෝනා සංකුලතා හේතුවෙන් බහුවිද අවයව අකර්මනය විමෙන් ඉකුත් 22 වැනි දින පස්වරුවේ දි මියගිය බව වෛද්‍ය වාර්තාවේ දැක්වේ.
gossip lanka