gossip lanka

අඩුවූ කොවිඩ් ආසාදිතයින් සහ මරණ

දින 85කට පසුව මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ප්‍රථමවරට ඊයේ (27) 1,000 සීමාවට අඩුවෙන් වාර්තා විය.

ඊයේ මෙරටින් කොවිඩ්-19 ආසාදිතයින් 983ක් හඳුනාගැණුනි.

ඒ අනුව දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 1,000 සීමාවට අඩුවෙන් වාර්තාවී ඇත්තේ දින 85කට පසුවීම විශේෂත්වයකි.

මීට පෙර අවසන් වරට ආසාදිතයින් සංඛ්‍යාව 1,000 සීමාවට අඩුවෙන් වාර්තාවී තිබුණේ පසුගිය ජූලි 05 වනදා වන අතර එය 869කි.

පසුගිය අගෝස්තු 20 වනදා එනම් නිරෝධායන ඇඳිරිනීතිය පනවන අවස්ථාව වනවිට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 4,890ක් ලෙස සටහන් විය.

අගෝස්තු 26 වනදා වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වුණු අතර 5,961ක් ලෙස දැක්විණි.

මේ වනවිට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව මෙලෙස පහළ බැස ඇත්තේ ඉකුත් අගෝස්තු 20 වනදා සිට පැනවූ නිරෝධායන ඇඳිරිනීතියේ ප්‍රතිඵලයක් ලෙස බව පැහැදිලිය.

මේ අතර, වයස අවුරුදු 12ත් 19ත් අතර රෝගාබාධ සහිත දරුවන්ගේ එන්නත්කරණ වැඩසටහන අදත් බස්නාහිර පළාතේ රෝහල්වලදී සහ අනුරාධපුර හා කුරුණෑගල ශික්ෂණ රෝහල්වලදී සිදුකෙරුණි.

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සඳහන් කළේ එළඹෙන ඔක්තෝබර් 01 වනදා සිට දිවයිනේ සෙසු පළාත්වලද මෙම කාණ්ඩයට අයත් දරුවන්ගේ එන්නත්කරණය ආරම්භකරන බවය.


gossip lanka