gossip lanka

ඉදිරියේදී සහල් හිඟයක් ඇති වීමේ අවදානමක් !

රටේ සහල් හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග සඳහන් කරයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහල් සඳහා පාලන මිලක් පනවමින් පසුගිය 10 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර කැකුළු සහල් කිලෝවක් රුපියල් 85 කටත්, නාඩු සහ සම්බා කිලෝවක් රුපියල් 90 කටත් අලෙවි කළ යුතු බවද එහි සඳහන් විය.
එහෙත් මහා පරිමාණ වී මෝල් හිමියන් මේ වන විට පාලන මිලට වඩා රුපියලක් අඩුවෙන් වෙළෙඳ පොළට සහල් නිකුත් කර තිබේ. එම නිසා පාලන මිලට අලෙවි කිරීමේදී තමන්ට පාඩුවක් සිදුවන බව සහල් වෙළෙන්දන් ප්‍රකාශ කරති. මේ හේතුවෙන් සහල් තොග මිලදී නොගත් බව ඇතැම් වෙළෙඳුන් පැවැසූහ.

උදයජීව ඒකනායක
gossip lanka