gossip lanka

දඬුවමට වැඩ තහනම් වුණු පොලිස් නිලධාරින් දෙදෙනා යළි සේවයේ පිහිටුවයි

ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් මාර්ගයේ සැරිසැරූ පුද්ගලයින් සිව්දෙනෙකුට දඬුවම් කිරීම හේතුවෙන් වැඩතහනමට ලක්කෙරුණු පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා යළි සේවය පිහිටුවා ඇත.
ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් මාර්ගයේ සැරිසැරූ පුද්ගලයින් සිව්දෙනෙකුට දඬුවම් කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය පෙරේදා  (13) නිවේදනය කළේය.

කොළඹ නාගරික රථවාහන කොට්ඨාසයට අනුයුක්ත සේවය කරන මෙම නිලධාරීන් දෙදෙනාට, අණට අකීකරු වීම හා අපකීර්තිදායක හැසිරීම යන චෝදනා එල්ල විය.

ඒ යටතේ ඔවුන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නා බවවයි පොලිස් මූලස්ථාන ඊයේ නිවේදනයේ සඳහන් වන්නේ.

කෙසේ වෙතත් වැඩතහනමට ලක් කෙරුණු පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා යළි සේවය පිහිටුවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
gossip lanka