gossip lanka

ගැටළු කියන්න, ගැබිණි මව්වරුන් සඳහා හඳුන්වා දුන් නවතම දුරකතන අංකය

රට තුළ මේ වන විට පවතින තත්ත්වය මත ගැබිණි මව්වරුන්ට මතුවන ගැටලු විසඳා ගැනීමට දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ගැබිණි මව්වරුන්ට 071 0301225 අංකය අමතා සිය ගැටලු ඉදිරිපත් කළ හැකි බව ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පවසන්නවා.


පැය 24 පුරා ක්‍රියාත්මක මෙම සේවය යටතේ විශේෂඥ වෛද්‍යවරුන්ට ගැටලු සඳහා පිළිතුරු ලබා දීමට මෙන්ම අවශ්‍ය යොමු කිරීම් සිදු කිරීම සඳහා මැදිහත් වනු ඇති බව එම සංගමය පවසනවා.
gossip lanka