gossip lanka

කොරෝනා ආසාදිතයන් සිටින ලිබියානු රෝහල් වලට ප්‍රහාර

ලිබියාවේ කැරලි නායක කලීෆා හෆ්තාර්ට අයත් භට පිරිස් එරට කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිකාර කරමින් සිටින වෛද්‍යවරු ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

ට්‍රිපොලි අගනුවර කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලකට මෙසේ පහර දී ඇති බවට එරට රජය පවසනවා.
මීට පෙරද ඔවුන් රෝහල් ඉලක්ක කරගෙන බර අවි ප්‍රහාර එල්ල කළ අතර ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ චෝදනා පවා එල්ල වුනා.

ලිබියාවේ මේ වනවිට කොරෝනා ආසාදිතයන් 25ක් මරණයට පත් වී තිබෙනවා.
gossip lanka