gossip lanka

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවකයන් තුනෙන් එකකට වෛරසය වැළඳිලා

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවකයන්ගෙන් තුනෙන් එකකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙන බව එරට රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

එරට කොරෝනා වෛරසය මර්දනයට ක්‍රියා කරන සෞඛ්‍ය සේවකයන් 16 888ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් 5733 හෙවත් 34%  ආසාදිතයන් බව තහවුරු වී තිබෙනවා.


සෞඛ්‍ය සේවකයන්වට් වෛරසය ආසාදනය වීම වැලැක්වීමට අවශ්‍ය උපකරණ හා සහයෝගය ලබා දීම සම්බන්ධයෙන් එරට රජය කටයුටු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්වරයා පවසන්නේ රෝග ලක්ෂණ නොතකා සෑම සෞඛ්‍ය සේවකයෙක්ටම අවශ්‍ය පහසුකම් හා පරීක්ෂණ උපකරණ ලබා දෙන බවයි.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේ අදාල සෞඛ්‍ය පරික්ෂණ කටයුතු අනෙක් යුරෝපා රටවලට සාපේක්ෂව අඩු අගයක් ගන්නවා.
gossip lanka