gossip lanka

කොරෝනා මරණ හතර වටින් වාර්තා වෙද්දී, කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොවු එකම රට බවට ග්‍රීන්ලන්තය පත් වෙයි

කොවිඩ් 19 හෙවත්, නව කොරෝනා ආසාදනය වීමෙන් මේ වනවිට පුද්ගලයින්, 126,811 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා උපුටා දක්වමින්, විදෙස් මාධ්‍ය කියා සිටියේ, අදාළ වෛරසය පුද්ගලයින් 2,004,383 දෙනෙකුට ආසාදනයවී ඇති බවයි.
ඉන් 485,304 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, අදාළ වෛරසය දැඩි පීඩනයක් එල්ලවී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයට වන අතර එරටින් හමුවූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 614,246 ක්.

ඔවුන්ගෙන් මේ වනවිට පුද්ගලයින් 26,064 ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා පෙන්වා දෙන්නේ.

කොරෝනා‌ වෛරසය ආසාදනය වීමෙන් කිසිදු මරණයක් වාර්තා නොවු රට බවට ග්‍රීන්ලන්තය මේ වනවිට පත්ව තිබෙනවා.

එරටින් අදාළ වෛරස් ආසාදිතයින් 11 දෙනෙකු හදුනාගෙන තිබු අතර ඔවුන් සියලු දෙනා පූර්ණ සුවය ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා ස‍දහන් කළේ.

ග්‍රීන්ලන්තයේ මේ දක්වා කොරෝනා ආසාදිත බවට සැකපිට සිදු කර ඇති පරීක්ෂණ සංඛ්‍යාව 291 ක්.

අප්‍රේල් මස 4 වනදායි එරටින් අවසන් වරට කොරෝනා වෛරස් ආසාදිතයෙකු හදුනාගෙන ඇත්තේ.

gossip lanka