gossip lanka

ATM යන්ත්‍රවලින් නොමිලේ හාල් නිකුත් වේ !

වියට්නාමයේ හෝ චි මිංපුරවැසි ව්‍යවසායකයකු සහ නව නිපැයුම්කරුවකුන් විසින් සතියේ සෑම දිනකම, දවසේ ඕනෑම වේලාවක සහල් ලබාගත හැකි ස්වයංක්‍රිය යන්ත්‍රයක් නිපදවා ඇත.

කොවිඩ් වසංගතය නිසා රටේ කටයුතු අකර්මන්‍ය වීමෙන් ජීවිකාව අහිමි වි සිටින ජනතාව හට මෙම යන්ත්‍රය මගින් නොමිලේ සහල් ලබාගත හැකි.


මාර්තු 15 දිනෙන් ආරම්භ වූ සමාජ දුරස්ථකරණය නියමය නිසා කුඩා පරිමාණ ව්‍යාපාර සියල්ලම පාහේ බිඳ වැටී තිබෙනවා.

මේ හේතුවෙන් රැකියා අහිමි වූ පුද්ගලයන් ගණන දස දහස් ගණනකි.

නොවෑන් තුවාන් අන් විසින් නිර්මාණය කරන ලද මෙම යන්ත්‍රය හරහා එක් වාරයකදී සිවු දෙනෙකුගෙන් යුත් පවුලකට දවසකට කිලෝග්‍රෑම් 1.5ක් ලබාගත හැකිය.

එසේම මෙම පහසුකම අවභාවිත වීම වළක්වනු පිණිස එම යන්ත්‍ර අසල නිරීක්ෂකයෝ රඳවා තිබෙනවා.

මෙවැනි වර්ගයේ යන්ත්‍ර හැනෝයි, හුවේ සහ දැනං යන විසල් නගරවල ද සවි කරනු ලැබ ඇතැයි වියට්නාම රාජ්‍ය මාධ්‍ය සඳහන් කරයි.

වත්මන් ආර්ථික අර්බුදය නිසා රටේ කිසිවකු කුසගින්නේ නොතැබීම සිය අරමුණ බව මෙම යන්ත්‍රවල නිර්මාණ ශිල්පියා පවසා ඇත.
gossip lanka