gossip lanka

පොලිසියට නිරුවත පෙන් වූ තොටළඟ කත රිමාන්ඩ්

තොටළඟ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගොස් සිටි පොලිස් නිලධාරීන් පිරිසකට නිරුවතින් පැමිණ අසූචි හා ගල් ප්‍රහාරයක් එල්ල කර පලාගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව මෙම 31දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස, කොළඹ අංක 4 අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනා සිල්වා මහත්මිය ඊයේ (19දා) නියෝග කළාය.
සැකකාර කාන්තාව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවන ලෙසටද අධිකරණය නියම කළේය.

හලාවත, මදුරන්කුලිය ප්‍රදේශයේ ඇයට අයත් නිවෙසක සැඟවී සිටියදී ලද තොරතුරක් මත ඇය අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් ‘මව්බිම’ට පැවැසීය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ පීි.බී. ඉන්ද්‍රාණි නමැති හතළිස් තුන් හැවිරිදි තැනැත්තියක් බවද පොලිසිය පවසයි.

මීගමුව ප්‍රදේශයේ මියගිය පාතාල සාමාජිකයකු වූ මීගමුවේ ලීනස්ගේ  බිරිය වූ ඇයට එරෙහිව කොල්ලකෑමකට අදාළ නඩුවක්ද මිනුවන්ගොඩ අධිකරණයේ විභාග වෙමින් පවතින බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ඉකුත් 16 වැනිදා පෙරවරු 11.30ට පමණ ඇය සහ තවත් අයකු හෙරොයින් සිය සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් ගමන් ගන්නා බවට වරාය පොලිසියට ලද තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගැනීමට යෑමේදී මෙම සිද්ධිය වාර්තා විය.

කෙසේ වෙතත් වරාය පොලිසිය විසින් අනෙක් පුද්ගලයා හෙරොයින් සමඟ අත්අඩංගුවට ගනු ලැබූ අතර ඇයගේ විරෝධතාව හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත. පොලිස් නිලධාරින්ට නිරුවත පෙන්වමින් පොලිස් නිලධාරීන්ට අසූචි සහ ගල් ප්‍රහාරයක්ද එල්ල කර ඇය මෙසේ එම ස්ථානයෙන් පලාගොස් තිබිණි.

අනතුරුව අත්අඩංගුවට ගත් ඔහුගේ ස්වාමියා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

පලාගිය මෙම කාන්තාව සම්බන්ධයෙන්  සිදුකළ විමර්ශන අනුව ඇය මෙලෙස ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

 ග්‍රෑන්ඩ්පාස් තොටළඟ හැත්තෑපහේ වත්ත ප්‍රදේශයේදී හෙරොයින් සමඟ සිය සැමියා පොලිස් අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට නිරුවත පා විරෝධය පළ කළ මේ කාන්තාව හලාවත ප්‍රදේශයේදී ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (19දා) මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

හලාවත, මදුරන්කුලිය ප්‍රදේශයේ ඇයට අයත් නිවෙසක සැඟවී සිටියදී ලද තොරතුරක් මත මෙලෙස ඇයව අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් ‘මව්බිම’ට පැවැසීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා මහතාගේ අධීක්ෂණය යටතේ ස්වාධීන විමර්ශනයක්ද ආරම්භ කර තිබේ.

චාමර අමරසූරිය
gossip lanka