gossip lanka

"විවාහ මංගල උත්සව ගැන තීරණයක් ගන්න"

මෙම කාලසීමාවේදී විවාහ මංගල උත්සව පැවැත්වීම අත්හිටුවීමට පියවර නොගන්නේ නම් ඊට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, පොලීසිය ඇතුළු අදාළ පාර්ශ්වවලින් ඉල්ලීමක් කරනවා.


එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා කියා සිටියේ වගකීම් සහිත පුරවැසියන් ලෙස මේ මොහොතේ වැඩි අවධානයක් දිය යුත්තේ පෞද්ගලික කාරණාවලටද පොදු අරමුණක් වෙනුවෙන් ද යනුවෙන් තීරණය කළ යුතු බවයි. ජනතාව එවැනි වගකීමක් තේරුම් ගෙන හැසිරෙන්නේ නැති නම් බලධාරීන් ඊට නිසි පියවර ගත යුතුව ඇති බවත් සඳහන් කළා..

නව කොරෝනා වෛරසය රටතුළ ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා රජය ගෙන ඇති තීරණ ද මෙහිදී පැසසුමට ලක් කෙරුණා.

කෙසේවෙතත්, පොලිස් ඇඳිරි නීතිය පනවා යළි එය ඉවත්කිරීම ගැටලූ සහගත බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා වැඩිදුරටත් පැවසුවේ.
gossip lanka