gossip lanka

ඇඳිරි නීතිය කැඩූ එජාප මන්ත්‍රීට වෙච්ච දේ මෙන්න

නාවික හමුදාවේ රාජකාරියට බාධා කළ බව කියන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරයකු ආරච්චිකට්ටුව පොලිසිය විසින් පසුගිය 28 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ කරුකුපනේ කොට්ඨාසයේ නියෝජනය කරන මන්ත්‍රිවරයාවය.


ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී නාවික හමුදා සෙබළුන් පිරිසක් ජංගම සංචාරයක නිරත වෙමින් සිටි අවස්ථාවේදී කරුකුපනේ ගම්මානයේ නිවෙසක් තුළ පිරිසක් රැස්වී සිටින ආකාරය දැක ඇති නාවික හමුදා සෙබළුන් ඔවුන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට උපදෙස් ලබාදී ඇත. එම ස්ථානයට පැමිණ ඇති ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයා නාවික හමුදා සෙබළුන්ගේ රාජකාරියට බාධා කරමින් කටයුතු කර ඇත.

පසුව නාවික හමුදා සෙබළුන් විසින් මේ බව ආරච්චිකට්ටුව පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව සැකකරු පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිළිබඳව ආරච්චිකට්ටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ හේරත්, රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බණ්ඩාර ඇතුළු නිලධාරීන් පිරිසක් පරීක්ෂණ පවත්වති.

සමන්ප්‍රිය ජයශාන්ත

වීහේණ අනුරාධ
gossip lanka