gossip lanka

ආහාර හා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනයට ඇඳිරි නීතිය වෙලාවේ අවසර

පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ එම බලප්‍රදේශ හරහා ගමන් කරන අත්‍යාවශ්‍ය සේවා හා ආහාර ද්‍රව්‍ය ප්‍රවාහන කටයුතු සඳහා පොලීසිය අවසර ලබා දී ඇත.

ඒ අනුව ‍ආර්ථික මධ්‍යස්ථාන වෙත එම ද්‍රව්‍ය රැගෙන යෑමට අවසර හිමිවෙන බව නියෝජ්‍ය පොලිස්පති අ‍ජිත් රෝහණ මහතා පවසයි.


‍මේ අතර, පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය කුළ එම බලප්‍රදේශ හරහා ගමන් කරන අත්‍යවශ්‍ය සේවා හා මාධ්‍ය සේවා සඳහා පමණක් අවසර දෙනු ලබන බවද පොලීසිය සඳහන් කරයි.

ඔවුන් අදාළ ආයතන මඟින් නිකුත් කර ඇති නිල හැඳුම්පත ඇඳිරි නීති බලපත්‍රය ‍ඒ සඳහා භාවිතා කළ හැකියි.

‍එමෙන්ම කටුනායක ගුවන් තොටුපල වෙත ගමන් ගන්නා ගුවන් මගීන් සඳහා ගුවන් ටිකට්පත ඇඳිරි නීති බලපත්‍රයක් වශයෙන් භාවිතා කළ හැකි බවත් පොලීස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

මේ අතර, කුඹුරු ගොවිතැන් කටයුතු සිදු කරන දිස්ත්‍රික්කවල ගොවි ජනතාවට මෙන්ම කුඩා තේ වතු හා අපනයන බෝග නිෂ්පාදන ක්‍රියාවලියෙහි නිරතව සිටින තැනැත්තන් හට සිය කාර්යයන් බාධාවකින්තොරව කරගෙන යෑම සඳහා නිරෝධායන රෙගුලාසිවලට යටත්ව අවසර ලබා‍ දෙනු ලැබේ.
gossip lanka