gossip lanka

ඇඳිරිනීතිය තිබ්බත් සෑම නගරයකම ෆාමසියක් විවෘතයි

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලයේ දිවයිනේ සෑම නගරයකම එක් ෆාමසිය බැගින් විවෘත කිරීමට රජය අවසර ලබාදුන් බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය පවසයි.

ඇමැති චමල් රාජපක්ෂගෙන් කළ ඉල්ලීමකට අනුව පොලිස්පතිවරයා සමග කළ සාකච්ඡාවකින් පසු ඊට අනුමැතිය හිමිවූ බව සංගමයේ සභාපති චන්දික ගන්කන්ද පවසයි.

ඒ අනුව විවෘත කිරීමට නියමිත ෆාමසි පිළිබඳ ලේඛනයක් පොලිස්පතිවරයා වෙත යොමු කිරීමට නියමිත අතර, අනුමැතිය හිමිවූ පසු ෆාමසිය බැගින් විවෘත කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කරයි. හදිසි අවස්ථාවකදී කිසියම් පුද්ගලයකුට ඖෂධ මිලදී ගැනීමේ අවස්ථාව උදා කිරීම මෙහි අරමුණ වී තිබේ.

උදයජීව ඒකනායක
gossip lanka