gossip lanka

පාස්කු පූජාවන් අවලංගු කරයි !

කෝවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ අගරදගුරු පදවියේ පාස්කු පූජාවන් අවලංගු කර ඇති අතර හලාවත ඇතුළු අනෙකුත් රදගුරු පදවියන් තුළ පවතින තත්ත්වයන් සැලකිල්ලට ගෙන  දිව්‍යපූජාවන් අත්හිටුවීමට තීරණයක් ගැනීමට සිදුවනු ඇති බවද කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත්හිමිපාණන් ප්‍රකාශ කළහ.
ඒ අනුව කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලද සදුදා , බ්‍රහස්පතින්දා ,මහ සිකුරාදා, ආලේලූයියා සෙනසුරාදා සහ පාස්කු ඉරිදා දිනවල දිව්‍ය පූජා ඇතුළු පාස්කු දේව මෙහෙයන්ද අවලංගු කර ඇත.

“මෙවර පාස්කු දිව්‍ය පූජාවන් රෑපවාහිනී මාධ්‍ය ඔස්සේ  විකාශය කරන්නට කටයුතු යොදනවා" යැයි උන්වහන්සේ ප්‍රකාශ කළහ.
gossip lanka